මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා මාර්ගගත ක්‍රමය ඔස්සේ අයදුම්පත් යොමුකිරීමේ අවස්ථාව තවදුරටත් දීර්ඝ කර තිබෙනවා.
පාසල් සහ පෞද්ගලික අයදුම්කරුවන් සඳහා මාර්ගගත ක්‍රමය ඔස්සේ අයදුම්පත් යොමුකිරීම හෙට (10) දිනෙන් අවසන් වීමට නියමිතව තිබුණා.
නිවේදනයක් නිකුත් කරමින් විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ, නොවැළැක්විය හේතූන් මත එම දිනය ලබන 12 වනදා දක්වා දීර්ඝ කිරීමට පියවර ගත් බවයි.
ඒ අනුව, එදිනෙන් පසු යළි කිසිදු හේතුවක් මත අයදුම්පත් යොමුකිරීම කල් නොදමන බවද විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරනවා.
මෙවර උසස් පෙළ විභාගය ලබන නොවැම්බර් මස 25 වනදා සිට දෙසැම්බර් 20 වන දින දක්වා පැවැත්වීමට නියමිතයි.