23 C
Colombo
Friday, February 14, 2025

ඇමෙරිකාවේ ලැව්ගිනිවලින් මියගිය ගණන තවත් ඉහළට

- Advertisement -

අමෙරිකාවේ ලොස් ඇන්ජලීස්හි පැතිර යන ලැව්ගින්නෙන් මියගිය පිරිස 24 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

අමෙරිකානු ඉතිහාසයේ දැවැන්තම ලැව්ගින්න ලෙස වාර්තා අතරට එක්ව ඇති පැසිෆික් පැලිසේඩ් ලැව්ගිනි ආරම්භ වී මේ වනවිට දින 6ක කාලයක් ගත වී තිබෙනවා.

ලැව්ගිනි පාලනයට අදාළ අංශ දැඩි පරිශ්‍රමයක් දරණ පසුබිමක වුවත් ඒවා සම්පූර්ණයෙන් පාලනය කිරීමට ඔවුන් මෙතෙක් සමත්ව නැහැ.

ඒ අනුව, මේ වනවිට ඉන් මියගොස් ඇති පිරිස 24 දක්වා ඉහළ ගොස් ඇති අතර බහුතර මරණ සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ ඊටන් ලැව්ගින්න පැතිර ගිය කලාපයෙන්.

අක්කර 40,000 ඉක්මවූ භූමි ප්‍රමාණයක පැතිර ගිය ලැව්ගින්නෙන් හානි වී හෝ විනාශ වී ඇති ගොඩනැගිලි ගණන 12,000 ඉක්මවා තිබෙනවා.

ඒ අනුව මේ වනවිට ගණන් බලා ඇත්තේ. මෙම ව්‍යසනයෙන් සිදුව ඇති හානිය අමෙරිකානු ඩොලර් බිලියන 200 ඉක්මවන බවයි.

මෙවන් පසුබිමක බදාදා දිනය දක්වා පැයට කිලෝමීටර 96ක් දක්වා වූ සුළඟේ වේගයක් වාර්තා විය හැකි බව කාලගුණ බලධාරීන් අනතුරු අඟවනවා.

මේ අතර පැසිෆික් පැලිසේඩ් ලැව්ගින්නෙන් මාලිබූහි පැසිෆික් වෙරළාසන්නයේ පිහිටි සෑම ගොඩනැගිල්ලක්ම පාහේ විනාශ වූ පසුබිමක ලැව්ගින්නෙන් කිසිදු හානියක් සිදු නොවූ ඩොලර් මිලියන 9කට ආසන්න වටිනාකමක් ඇති සුඛෝපභෝගී නිවසක් පිළිබඳව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

RECENT ARTICLES - SINHALA

මැතිසබයට යන පුංචි ඡන්දයේ ශ්‍රේෂ්ඨාධිකරණ මතය

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් සංශෝධන පනත් කෙටුම්පතට අදාළ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය දැනුම් දීම සඳහා හෙට (14) පාර්ලිමේන්තුවේ විශේෂ සභාවාරයක් කැදවා තිබෙනවා. එහිදී ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කථානායකවරයා...

හෙටත් විදුලිය විසන්ධි කරනවද?

විදුලි කප්පාදුවක් හෙට (14) දිනයේ සිදුකරන්නේ ද? නැද්ද ? යන තීරණය හෙට උදෑසන නිවේදනය කරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා. ලංකා විදුලිබල මණ්ඩලය වැඩිදුරටත් සඳහන්...

මෛත්‍රිත් ආපු රනිල්ගේ සුහද හමුව

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (13) පස්වරුවේ විශේෂ සාකච්ඡාවක් කැඳවා තිබුණා. පැය දෙකකට ආසන්න කාලයක් පවත්වා ඇති මෙම හමුවේදී රටේ පවතින වත්මන් තත්ත්වය සම්බන්ධයෙන්...

POPULAR ARTICLES