29.5 C
Colombo
Wednesday, July 9, 2025

මියගිය තරුණයා මරණ පරීක්ෂණයේදී තරුණියක් වෙලා

- Advertisement -

දුම්මලසූරිය, සියඹලාගස්රුප්ප ප්‍රදේශයේදී පසුගිය 12 වැනිදා තියුණු ආයුධයකින් කපා ඝාතනය කර තිබූ තරුණයෙකුගේ යැයි සැක කළ මෘත දේහය තරුණියකගේ බවට අනාවරණය වූ බවට දුම්මලසූරිය පොලිසිය පවසනවා.

දුම්මලසූරිය ප්‍රදේශයේ පෞද්ගලික වත්තක කලක පටන් පදිංචිව සිටි අයෙකු එම වත්තේදීම කපා කොටා ඝාතනය කර ඇති බවට පොලිසියට ලද තොරතුරක් මත ඉකුත් දා පොලිසිය විසින් පරීක්ෂණ ආරම්භ කළා.

එහිදී වාර්තාවූ කරුණු මත මෙම මියගිය තැනැත්තා වයස අවුරුදු 38ක පුද්ගලයෙකු බවත්, මරණකරු අත්හැර දමා ඇති සුනඛයින් රැකබලාගනිමින් සිටි අයකු බවත් අනාවරණය කරගැනීමට පොලිසිය සමත් වුණා.

කෙසේ වෙතත්, කුලියාපිටිය අධිකරණයෙන් කර තිබූ නියෝගයකට අනුව කුලියාපිටිය ශික්ෂණ රෝහලේදී සිදුකළ පශ්චාත් පරීක්‍ෂණයේදී අනාවරණය වී ඇත්තේ පිරිමි නමකින් සහ වේශයකින් පෙනී සිට ඇත්තේ කාන්තාවක් වන බවයි.

මෙම ඝාතනය කුමන කරුණක් අරභයා සිදුවූවක්ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති අතර ඝාතනය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකෙරෙන බවත් දුම්මලසූරිය පොලිසිය සඳහන් කළා.

RECENT ARTICLES - SINHALA

අධ්‍යාපන සභාව පිහිටුවීම පිළිබඳ අනුකාරක සභාව ප්‍රථමවරට රැස්වෙලා

අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව විසින් පත්කරන ලද ‘අධ්‍යාපන සභාව’ පිහිටුවීම පිළිබඳ අනු කාරක සභාව ප්‍රථමවරට රැස්වුණා. ඒ...

වතුර පරිස්සමින් පාවිච්චි කරන්න

පවතින වියලි කාලගුණික තත්ත්ව හේතුවෙන් සෞඛ්‍යාරක්ෂිත පානීය ජලය හැකිතාක් දුරට අරපිරිමැස්මෙන් භාවිතා කරන ලෙස ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පාරිභෝගික ජනතාවගෙන් ඉතා කාරුණිකව...

නවකවධය වැළැක්වීමට නිර්දේශ රැසක්

විශ්වවිද්‍යාල තුළ සිදුවන නවකවධය වැළැක්වීම සඳහා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම විසින් නිර්දේශ කිහිපයක්   ඉදිරිපත් කර තිබෙනවා. ඒ අනුව නවකවධය පිළිබඳ සිදුවීම් වාර්තා කිරීම සඳහා පැය...

POPULAR ARTICLES

ඉන්දියාවේ පාලමක් කඩාවැටී පුද්ගලයින් දස දෙනෙකු ජීවිතක්ෂයට

ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ පාලමක් කඩාවැටීමෙන් පුද්ගලයින් දස දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. වසර 40ක් පැරණි මෙම පාලමෙහි කොටසක් කඩා වැටීමත් සමග ට්‍රක් රථ දෙකක්, මෝටර් රථයක්...