25 C
Colombo
Saturday, February 15, 2025

ත්‍රීරෝද රථ ගැන ගත් තීරණය

- Advertisement -

නීතියට අනුකූලව ත්‍රීරෝද රථවල සවිකර ඇති අමතර උපාංග ඉවත් නොකිරීමට පොලීසිය තීරණය කර තිබෙනවා.

ඒ අනුව, 2021 වර්ෂයේ නිකුත් කරන ලද අංක 22/40/37 දරන ගැසට් පත්‍රය මගින් ත්‍රීරෝද රථවල අමතර උපාංග සවි කළ හැකි නෛතික රාමුව හා සීමාවන් පිළිබඳව සහ එයට අනුකූලව ත්‍රීරෝද රථවල නීත්‍යානුකූලව සවිකර ඇති කොටස් ඉවත් නොකිරීමට මින් ඉදිරියට පොලීසිය කටයුතු කරනු ඇති.

මෙම තීරණය ගෙන ඇත්තේ, සමස්ත ලංකා ත්‍රීරෝද රථ උපාංග කොටස් නිෂ්පාදකයන් හා අලෙවිකරුවන්ගේ සංගමයේ සාමාජිකයන් සහ පොලිස්පති අතර අද (15) පැවැති සාකච්ඡාවේදී.

නීතියට අනුකූල නොවන අන්තරාදායක ආකාරයෙන් සවි කර ඇති කොටස් ඉවත් කිරීමට කටයුතු කරන බවටත් මෙහිදී දැනුම්දී තිබෙනවා.

පොලීසිය මෙහිදී වැඩිදුරටත් දැනුම්දුන්නේ ත්‍රිරෝද රථ උපාංග කොටස් නිෂ්පාදකයන්ගේ සහ අලෙවිකරුවන්ගේ රැකියා අහිමි කිරීමට ශ්‍රී ලංකා පොලීසිය කිසිවිටකත් කටයුතු නොකරන බවයි.

සීමාවන් පනවා ඇත්තේ මාර්ගය භාවිත කරන සෙසු පුද්ගලයන්ගේ, ත්‍රීරෝද රථ රියදුරන්ගේ හා එහි ගමන් ගන්නා මගීන්ගේ ආරක්ෂාව වෙනුවෙන් බවටත් මෙහිදී දැනුම් දුන්නා.

පොලිස් මූලස්ථානයේදී මෙම සාකච්ඡාව පැවැත්වුණා.

මෙම සාකච්ඡාව සඳහා බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති මහින්ද ගුණරත්න මහතා, නීති දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති රුවන් ගුණසේකර මහතා, රථවාහන හා මාර්ග ආරක්ෂාව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ මහතා, පොලිස් ප්‍රවාහන කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මංජුල මහගිරිල්ල මහතා හා පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග මහතා ඇතුළු උසස් නිලධාරීන් කණ්ඩායමක් සහභාගී වි තිබුණා.

RECENT ARTICLES - SINHALA

මාලිමා මන්ත්‍රී ගමන් ගත් මෝටර් රථ අනතුර ගැන තොරතුරු හෙළි වෙයි

රිය අනතුරක් සම්බන්ධයෙන් ජාතික ජනබලවේගය පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි මොහොමඩ් ෆයිසාල් මහතාගේ සහෝදරයා පොලීසිය විසින් අත්අඩංගුවට අද (14) අත්අඩංගුවට ගෙන තිබුණා.  ඒ පුත්තලම සිට මාදම්පේ...

නවීන් දිසානායකට තනතුරක්

එක්සත් ජාතික පක්ෂයේ නව උප සභාපති ලෙස නවීන් දිසානායක මහතා පත් කර තිබෙනවා. ඒ අද (14) පැවැති පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදීයි. පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල්...

මිලියන ගණනක මුදල් වංචාවකට සමාජ මාධ්‍ය ක්‍රියාකාරුවෙක් අත්අඩංගුවට

“Little Harts” නමින් ව්‍යාජ ගිණුමක් පවත්වාගෙන යමින් මුදල් වංචා කළ දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් ඊයේ (13)...

POPULAR ARTICLES

ෆ්‍රැන්සිස් පාප් වහන්සේ රෝහල් ගත කරයි

ෆ්‍රැන්සිස් පාප් වහන්සේ බ්‍රොන්කයිට්ස් රෝගය වැළඳීම හේතුවෙන් එහි වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා රෝමයේ රෝහලක් වෙත ඇතුළත් කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. 2023 වසරේදී ද...

මෙවර ශූරයන්ගේ කුසලාන තරඟයට දෙන මුදල් තෑගි වැඩි කරලා

අට වසරකට පසු පැවැත්වෙන ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියේ (Champions Trophy) ජයග්‍රාහකයන් වෙනුවෙන් දැවැන්ත මුදල් ත්‍යාග ලබා දීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබෙනවා. ඒ අනුව,...

මාලිමා මන්ත්‍රී ගමන් ගත් මෝටර් රථ අනතුර ගැන තොරතුරු හෙළි වෙයි

රිය අනතුරක් සම්බන්ධයෙන් ජාතික ජනබලවේගය පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි මොහොමඩ් ෆයිසාල් මහතාගේ සහෝදරයා පොලීසිය විසින් අත්අඩංගුවට අද (14) අත්අඩංගුවට ගෙන තිබුණා.  ඒ පුත්තලම සිට මාදම්පේ...