26.1 C
Colombo
Monday, June 16, 2025

ත්‍රිපෝෂ සමාගම ගැන ගත් තීරණය

- Advertisement -

කඳානේ පිහිටි ත්‍රිපෝෂ සමාගම මෙරට ජනතාවගේ පෝෂණ අවශ්‍යතා සම්පූර්ණ කිරීම වෙනුවෙන් නව්‍යකරණයට ලක්කර සංවර්ධනය කරමින් රජය සතු ආයතනයක් ලෙස අඛණ්ඩව පවත්වාගෙන යාමට රජය තීරණය කර තිබෙනවා.

ඒ ඊයේ (04) සෞඛ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ත්‍රිපෝෂ සමාගමේ වත්මන් තත්ත්වය සහ එහි ඉදිරි සංවර්ධන කටයුතු පිළිබඳව නිලධාරීන් සමග පැවැත්වූ සාකච්ඡාවකදීය.

අමාත්‍යවරයා මෙහිදී පැවසුවේ පැවැති රජයන් මෙම ත්‍රිපෝෂ සමාගම සංවර්ධනය කර එහි ප්‍රතිලාභ ජනතාවට ලබා දීමට විධිමත් සහ ඉලක්කගත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක නොකිරීම මත එහි ප්‍රතිලාභ ජනතාවට අහිමි වන තත්ත්වයක් උදාවෙමින් පැවැති බවයි.

එම තත්ත්වය වෙනස් කර නැවත මෙරට ජනතාවගේ පෝෂණ අවශ්‍යතා සපයන සක්‍රීය ආයතනයක් බවට ත්‍රිපෝෂ සමාගම පත් කිරීමටත් රජය කටයුතු කරන බව අමාත්‍යරයා පවසා සිටියා.

එමෙන්ම ත්‍රිපෝෂ සමාගම ඈවර කිරීමට වෙනුවට එය රටේ ජනතාවගේ උන්නතිය සහ පෝෂණ අවශ්‍යතා වෙනුවෙන් ලාභ ලබන ආයතනයක් බවට පත් කරමින් විධිමත් සංවර්ධන වැඩපිළිවෙළක් යටතේ රජය සතු දියුණු ආයතනයක් ලෙස අඛණ්ඩව පවත්වාගෙන යාමට කටයුතු කරන බවත් ඔහු මෙහිදී සඳහන් කළා.

අමාත්‍යවරයා මෙහිදී පවසා සිටියේ ඉදිරියේදී ත්‍රිපෝෂ නිශ්පාදන ආයතනයේ කටයුතු දියත් කිරීමේදී සමාගමට අවශ්‍ය බඩඉරිඟු හා සෝයා සපයන මෙරට ගොවි නිෂ්පාදකයින්, ව්‍යවසායකයින් දිරිගන්වමින් සහ ඒකාබද්ධ කරමින් ඔවුන්ගේ නිෂ්පාදන ත්‍රිපෝෂ සමාගම මිලදී ගන්නා අඛණ්ඩ ක්‍රමවේදයක් සැකසිය යුතු බවයි.

ත්‍රිපෝෂ සමාගමේ 2023 විගණිත මූල්‍ය වර්ෂය දක්වා වූ 30% ඉක්මවූ මිලියන 165ක් ලාභාංශ අතරින් ඊයේ දිනට වන ලාභාංශ මුදල ලෙස රුපියල් මිලියන 11ක් මුදල් හා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය වෙත ප්‍රධානය කිරීමට මෙහිදී සිදුවූ අතර ඊට අදාළ චෙක් පත සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් මුදල් අමාත්‍යාංශයේ රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ එන්. ජේ. පතිරණ මහත්මිය වෙත ප්‍රදානය කිරීමද සිදුවුණා.

RECENT ARTICLES - SINHALA

සර්වජන බලවේගයේ සහාය විපක්ෂයට

කොළඹ මහ නගර සභාවේ, නගරාධිපති ධුරය සඳහා විපක්ෂය විසින් නම් කරන ලද අපේක්ෂකයාට සහාය දැක්වීමට සර්වජන බලවේගය තීරණය කර තිබෙනවා. එහි නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත්...

අධිකරණ අමාත්‍යාංශ ඉහළ නිලධාරිනියකගෙන් CIDයට ප්‍රකාශයක්

ජනාධිපති පොදු සමාව අනීතික ලෙස භාවිත කරමින් අනුරාධපුර බන්ධනාගාරයේ රැඳවියකු නිදහස් කිරීමේ සිද්ධියට අදාළව අධිකරණ අමාත්‍යංශයේ විධායක ශ්‍රේණියේ නිලධාරිනියකගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශයක් සටහන්...

කොළඹ බලය කාටද?

කොළඹ මහ නගර සභාවේ මංගල සැසිය අද(16) පැවැත්වෙනවා. පෙරවරු 9.30 ට සැසිය ආරම්භ වන්නේ නාගරික කොමසාරිස් පාලිත නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන්. එහිදී කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිවරයා...

POPULAR ARTICLES

සර්වජන බලවේගයේ සහාය විපක්ෂයට

කොළඹ මහ නගර සභාවේ, නගරාධිපති ධුරය සඳහා විපක්ෂය විසින් නම් කරන ලද අපේක්ෂකයාට සහාය දැක්වීමට සර්වජන බලවේගය තීරණය කර තිබෙනවා. එහි නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත්...

අධිකරණ අමාත්‍යාංශ ඉහළ නිලධාරිනියකගෙන් CIDයට ප්‍රකාශයක්

ජනාධිපති පොදු සමාව අනීතික ලෙස භාවිත කරමින් අනුරාධපුර බන්ධනාගාරයේ රැඳවියකු නිදහස් කිරීමේ සිද්ධියට අදාළව අධිකරණ අමාත්‍යංශයේ විධායක ශ්‍රේණියේ නිලධාරිනියකගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශයක් සටහන්...

ඊශ්‍රායලයට ඇතුළුවීමට හා පිටවීම ගැන දැනුම්දිමක්

ටෙල් අවිව් බෙන් ගූරියන් ගුවන්තොටුපොළ ජාත්‍යන්තර ගුවන්ගමන් වසාදැමීම හේතුවෙන් ඊශ්‍රායලයට පැමිණීමට නොහැකි පිරිස්වලට ජෝර්දානය හා ඊජිප්තුව හරහා තම ගමන්වාර සකස්කර ගතහැකි බව ඊශ්‍රායල විදේශ...