28 C
Colombo
Friday, May 20, 2022

සුනිල්ට සමුදෙන්න කලාකරුවන්, දේශපාලඥයන් රැසක් බොරැල්ලට (VIDEO)

- Advertisement -

දිවංගත සුනිල් පෙරේරා මහතාගේ දේහය පිළීබඳ අවසන් කටයුතු ඊයේ (06) පස්වරුවේ බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදු කෙරුණා.

ඒ, නිරෝධායන නීතිවලට අනුකූලවයි.

මියයන විට 68 වැනි වියේ පසුවූ ජිප්සීස් සංගීත කණ්ඩායමේ නායක සුනිල් පෙරේරා මහතා මෙරට සංගීත ක්ෂේත්‍රයට ඉමහත් දායකත්වයක් ලබා දුන්නා.

1952 වසරේ සැප්තැම්බර් 14 වනදා උපත ලද අයිවෝ සිල්වෙස්ටර් සුනිල් පෙරේරා මූලික අධ්‍යාපනය ලැබුවේ මොරටුව ශාන්ත සෙබස්තියන් විද්‍යාලයෙන් සහ කොළඹ ශාන්ත පීතර විද්‍යාලයෙන්.

සිය පියා වන ඇන්ටන් පෙරේරා මහතා විසින් ඇරඹූ ජිප්සීස් සංගීත කණ්ඩායමට වයස අවුරුදු 11දී ඔහු සම්බන්ධ විය.

පසුව සිය සොයුරන් වන නිහාල්, ලාල්, අමල්, පියල් ඇතුළු ඥාති සොයුරන් කිහිප දෙනෙකු සමග ජිප්සීස් සංගීත කණ්ඩායමට නායකත්වය දුන් ඔහු පළමුවරට මෙරටට නනස්ටොප් ගීත කැසට්පට හඳුන්වා දීමට මුල් විය.

ගීත 12ක සාම්ප්‍රදායික කැසට්පට ක්‍රමය බිඳිමින්, ආදායම් වාර්තා ද ඉක්මවීමට සමත් වූ ගීත හතරක් පම්ණක් ඇතුලත් “ලුණු දෙහි” කැසට් පටය ඉමහත් ජනාදරයට පත්විය.

ලිඳ ළඟ සංගමය, අම්මා අම්මා මේ මට, ලුණු දෙහි, ඕයේ ඔජායේ, පිටි කොටපන් නෝනේ, සිංඤෝරේ වැනි ගීත අතිශය ජනප්‍රියත්වයට පත්විය.

යල් පැනගිය සාම්ප්‍රදායික සංගීත කලාවට ඔහුගේ ගැඹුරු හඬ නවමු අත්දැකීමක් එක් කළ විශිෂ්ටයෙකුගේ නික්මයෑමේ අවස්ථාවට බොරැල්ල පොදු සුසාන භූමියට කලාකරුවන්, දේශපාලඥයන් ඇතුළු ඔහුගේ සමීපතයින් පිරිසක් පැමිණ සිටියා.

RECENT ARTICLES - SINHALA

මනූෂට හා හරීන්ට විනය පරීක්ෂණ

අද (20) දිනයේ අමාත්‍ය ධූර භාර ගත් මනූෂ නානායක්කාරට සහ හරීන් ප්‍රනාන්දු යන අයට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා බව සමගි ජන බලවේගයේ...

ඇමතිවරු 9ක් දිවුරුම් දෙයි – හරීන්, මනූෂටත් ඇමතිකම්

කැබිනට් අමාත්‍යවරු කිහිප දෙනෙකු අද පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේදී දිවුරුම් දුන්නා.ඒ අනුව දිවුරුම්දුන් අමාත්‍යවරුන් පහතින්,* නිමල් සිරිපාල ද සිල්වා - වරාය,...

බේරේ වැව අසලදී පහරකෑ පුද්ගලයෙක් මරුට

පසුගිය මැයි 9වනදා ඇතිවූ සිදුවීමේදී පහරකෑමට ලක්වී ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයෙක් මියගොස් තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ කොල්ලුපිටිය පෙරහැර මාවත...

RECENT ARTICLES - ENGLISH

Senior DIG Deshabandu Tennakoon assaulted

0
Senior DIG in charge of the Western Province Deshabandu Tennakoon was assaulted by a group on Tuesday (10) afternoon.

President declares State of Emergency

0
President Gotabaya Rajapaksa has declared a state of emergency with effect from midnight today, President’s Media Division informed. The...

Yoshitha to Sue AKD

0
Yoshitha Rajapaksa, the Chief of Prime Minister's Staff said that he would file law suit against the claims made by JVP Leader...