27 C
Colombo
Tuesday, March 19, 2024

දරුවාට පහරදුන් නියෝජ්‍ය විදුහල්පතිනිය පියාට අසභ්‍ය වචනයෙන් බැණ වදියි (වීඩියෝ)

- Advertisement -

මහනුවර මැණික්හින්න බාලක මහා විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පතිනිය වන තරංගනී සෝමතිලක මහත්මිය එම පාසලේ 5 ශ්‍රේණීයේ දරුවෙකුට අමානුෂික ලෙස පහරදීමේ සිදුවීමක් වාර්තා වනවා.

පසුගිය 18 වන සිකුරාදා පාසලෙන් පසුව පැවති 5 ශ්‍රේණිය අමතර පන්තියක මෙම නියෝජ්‍ය විදුහල්පතිනිය හා තවත් ගුරුවරියක උගන්වමින් සිට ඇති අතර අනෙක් ගුරුවරුයගේ පන්තියේ සිටි සිසුන් කෑකෝ ගසන බව පවසා එම පන්තියේ සිසුන් පිරිසකටම මෙම තරංගනී සෝමතිලක නම් නියෝජ්‍ය විදුහල්පතිනිය පහරදී තිබෙනවා.

පහරදීමෙන් දැඩි ලෙස වේදනාවට පත්වූ මෙම සිදුවීමට අදාළ සිසුවා පාසලේ ගේට්ටුව අසළ හඩමින් සිට ඇති අතර ඒ පිළිබදව ඔහුගේ පියා විමසීමෙන් පසුව දරුවා සිදුවූ සියල්ල පවසා ඇතත් එය නියෝජ්‍ය විදුහල්පතිනියගෙන් නොවිමසන ලෙස පියාට පවසා තිබෙනවා.

කෙසේවෙතත් නියෝජ්‍ය විදුහල්පතිනිය මුණගැසී පියා කාරුණිකව පවසා ඇත්තේ දරුවන්ට පහරක් ගැසීමට තමන් විරුද්ධ නොවුණත් අපස්මාරය හා අක්ෂි රෝගයකින් පෙළෙන තම දරුවාට මෙලෙස පහරදීම වැරදි සහගත ක්‍රියාවක් බවයි.

පසුව ඉන් කුපිතවූ නියෝජ්‍ය විදුහල්පතිනිය අනෙක් දෙමාපියන්ද ඉදිරියේ මෙම දරුවාගේ පියාට ‘තමුසේ’ යනාදී වචන භාවිතා කරමින් ඉතා අසභ්‍ය ලෙස බැණවැදුණු ආකාරය පහත වීඩියෝවේ දැක්වෙනවා.

RECENT ARTICLES - SINHALA

බස්නාහිර පළාතේ වාර්ෂික සෞඛ්‍ය මාරු ගැන දැනුම්දීමක්

බස්නාහිර පළාතේ වාර්ෂික සෞඛ්‍ය මාරු තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර ඇති බවට වාර්තා වනවා. ඒ, බස්නාහිර පළාතේ ස්ථාන මාරු ක්‍රියාවලිය අවිධිමත් ලෙස සිදුව ඇති බවට පළාතේ...

කතරගම මහ කපුවාට දේවල භුමිය තහනම්

රුහුණු මහා කතරගම දේවාලයට ජූජා කළ පවුම් 38 ක් බර රත්තරන් තැටියක් වංචනික ආකාරයෙන් පැරගෙන ගිය බවට චෝදනා එල්ල වී ඇති කපු මහත්වරු දෙදෙනාගේ...

ගෝඨාගේ හිටපු ව්‍යායාම උපදේශක කුඩුත් එක්ක මාට්ටු

ශ්‍රී ලංකා යුද හමුදාවේ කොමන්ඩෝ බලකායේ ලාන්ස්කෝප්‍රල් වරයකු වශයෙන් කටයුතු කළ හිටපු සොල්දාදුවෙකු හෙරෝයින් මත්කුඩු ග්‍රෑම් දෙකක් සමග සැකපිට අත්අඩංගුවට ගත් බව මහනුවර කොට්ඨාස...

POPULAR ARTICLES

ඩොලරය තවදුරටත් පහළට

ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයේ අගයට සාපේක්ෂව අද (18) දිනයේ ශ්‍රී ලංකා රුපියල තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව, අද දිනයේ මහජන බැංකුවට...

ඩොලරය තවදුරටත් පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (15) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රුපියල් 300.60ක් ලෙසත්...

ශ්‍රී ලංකා – බංග්ලාදේශ තරඟය මෙතනින් නරඹන්න (වීඩියෝ)

සංචාරක ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තීරණාත්මක අවසන් එක්දින ක්‍රිකට් තරගය අද (18) මේ වන විට පැවැත්වෙනවා. තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය මේ වනවිට...