31 C
Colombo
Wednesday, March 19, 2025

රාජ්‍ය සේවයේ වැටුප් වැඩිකරපු විදිය ගැන වෘත්තීය සමිති රැසකගේ අප්‍රසාදය

- Advertisement -

මෙවර අයවැය මඟින් රාජ්‍ය සේවයේ වැටුප් වැඩිකිරීම සම්බන්ධයෙන් ඉදිරිපත් කළ යෝජනාවට වෘත්තීය සමිති රැසක අප්‍රසාදය පළ කර තිබෙනවා.

අද (18) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලීන් මහතා පැවසුවේ, ගුරු විදුහල්පතිවරුන්ගේ වැටුප් වැඩි කිරීමට අදාළව ‘සුබෝදනි කමිටු වාර්තාව’ පිළිබඳව අවධානය යොමු කර නොමැති බවයි.

“වැටුප වැඩිකරලා තියෙන්නේ අවුරුදු තුනකට. අපි අහන්නේ, 2026 බජට් එකක් නැද්ද ? 2027 බජට් එකක් නැද්ද ? අවුරුදු 3කට වැටුප් වැඩිකිරීමක් කියන එකේ අර්ථය කුමක් ද ? අපි සියලුදෙනා බලාපොරොත්තු වුණේ රු 20,000ක වැටුප් වැඩිකිරීමක්. ප්‍රධානම දේ තමා අපේ වැටුප් අරගලය තිබුණේ සුබෝදනී කමිටු වාර්තාවේ ඉතිරි තුනෙන් දෙක ගන්න එක. මේ ගැන එක වචනයක කතාවක් නෑ. මේ ගැන කතා නොකිරීම බරපතළ ප්‍රශ්නයක්.”

මේ අතර රාජ්‍ය සේවකයින් සඳහා ලබාදුන් වැටුප් සහ දීමනා පිළිබඳව යළි සලකා බැලීමක් රජය විසින් සිදුකරනු ඇති බව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු චානක ධර්මවික්‍රම මහතා සඳහන් කළේ,

“සෞඛ්‍ය සේවයට යම් වැඩිපුර මුදලක් වැයකරලා තියෙනවා මේ සැරේ බජට් එකෙන්. නමුත් ඊට වැඩිය බරපතළ තත්ත්වයක් වෘත්තීකයන්ට දීමනා වැඩිකිරීම හෝ දීමනා සංශෝධනය කිරීමේ දී සිදුවෙලා තිබෙනවා. අතිකාල හෝ අමතර සේවා කිරීම අපේ අවශ්‍යතාවයක් නොවේ. එය රෝහල්වල අවශ්‍යතාවය මත සිදුකරනු ලබන්නක් රජය මේ ගැන නැවත සලකා බැලීමක් සිදුකරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා.”

මේ අතර රාජ්‍ය සේවකයින් සඳහා ලබාදුන් වැටුප් වැඩිවීම කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බව තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා සඳහන් කර සිටියා.

“වර්තමාන රජයේ පොරොන්දුව තමා රාජ්‍ය සේවකයින් සඳහා පවතින ජීවන වියදම් දර්ශකය සැලකිල්ලට ගෙන වැටුප් ගෙවනවා කියන කාරණය. වැටුප් වැඩිකිරීම සම්බන්ධයෙන් ගත්තහම ආණ්ඩුව ඒ ප්‍රතිපත්ති ප්‍රකාශනය අමු අමුවේ උල්ලංඝනය කරලා තියෙනවා. රු 15,000 හම්බවෙන්නේ අවුරුදු තුනකින්. ලෝකයේ සිදුවන සිදුවීම් එක්ක මේ අවුරුදු තුනක ක්‍රියාකාරීත්වය කොයි විදියට විසඳෙයි ද කියලා අපි දන්නේ නෑ. 2015 සිට මේ දක්වා රාජ්‍ය සේවකයින්ට වැටුප් වැඩිවෙලා නෑ.”

කෙසේවෙතත් ඇතැම් පාර්ශව විසින් මෙවර අයවැය යෝජනා පිළිබඳව අධ්‍යනය නොකර අදහස් පළ කරන අතර එවැනි කටයුතු ඉදිරියට සිදුනොකරන ලෙස ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ නියෝජ්‍ය ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි මහතා ඉල්ලීමක් කළා.

RECENT ARTICLES - SINHALA

හොරට විශ්‍රාම වැටුප ගත් අයෙක් අත්අඩංගුට

මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ රාජකාරී කර මියගිය පියාගේ විශ්‍රාම වැටුප වසර එකහමාරක කාලයක් හොරට ලබාගත් පුද්ගලයකු අත්අඩංගුවට ගත්බව පානදුර දකුණ පොලිසිය පවසනවා. පොලීසිය පවසන්නේ, මෙලෙස අත්අඩංගුවට ගෙන...

දේශබන්දු ගැන ඇමති ආනන්දගෙන් කරුණු දැක්විමක්

අධිකරණයට භාරවූ දේශබන්දු තෙන්නකෝන් සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා අද (19) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කළා. එහිදී අමාත්‍යවරයා සඳහන් කළේ, දින කිහිපයක සිටම...

සයිබර් කඳවුරුවල රඳවා සිටි තවත් ලාංකිකයින් පිරිසක් දිවයින

මියන්මාරයේ සයිබර් කඳවුරු තුළ බළහත්කාරයෙන් රඳවා ගෙන සිටි තවත් ශ්‍රී ලාංකීකයන් 14 දෙනෙකු දිවයිනට රැගෙන ආ බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා. එම අමාත්‍යාංශය පැවසුවේ මෙම...

POPULAR ARTICLES

දේශබන්දුගේ රිට් පෙත්සමේ නියෝගය අද

තමන්ව අත්අඩංගුවට ගැනීම වළක්වන්නැයි ඉල්ලා හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අභියාචනාධිකරණය හමුවේ ගොනුකළ රිට් පෙත්සමේ නියෝගය අද (17) ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබෙනවා. ඒ අනුව අද...

දේශබන්දුගේ නිවසේ විස්කි බෝතල් ගබඩාවක්

අධිකරණ නියෝගයක් මත ධූරයේ වැඩඅත්හිටුවන ලද පොලිස්පති දේශබන්දු තෙන්නකොන්ගේ අතුරුගිරිය - හෝකන්දර නිවෙසේ තිබී විදෙස් මත්පැන් බෝතල් විශාල ප්‍රමාණයක් සොයාගත් බව පොලීසිය පවසනවා. අපරාධ පරීක්ෂණ...

හොරට විශ්‍රාම වැටුප ගත් අයෙක් අත්අඩංගුට

මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ රාජකාරී කර මියගිය පියාගේ විශ්‍රාම වැටුප වසර එකහමාරක කාලයක් හොරට ලබාගත් පුද්ගලයකු අත්අඩංගුවට ගත්බව පානදුර දකුණ පොලිසිය පවසනවා. පොලීසිය පවසන්නේ, මෙලෙස අත්අඩංගුවට ගෙන...