කැනඩාවේ බ්‍රිටිෂ් කොලොම්බියාහිදී වෙඩි තබා සික් නායකයෙකු ඝාතනය කිරීමේ සිද්ධියට ඉන්දීය රජය සම්බන්ධ බව කැනේඩියානු අගමැති ජස්ටින් ටෘෘඩෝ ප්‍රකාශ කර තිබෙනවා.
ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ මෙම ඝාතනයට ඉන්දියාව සම්බන්ධ බව කැනේඩියානු ඔත්තු සේවා සතුව විශ්වසනීය සාක්ෂි පවතින බවයි.
පසුගිය ජූනි මස 18 වනදා සික් නායකයෙකු ලෙස ප්‍රසිද්ධ 45 හැවිරිදි හර්දීප් සින්ග් නිජ්ජාර්, සික් දෙවොලක් අසලදී ඝාතනයට ලක්ව තිබුණා.
අගමැති ටෘෘඩෝ චෝදනා කළේ කැනේඩියානු පුරවැසියෙක්ව කැනේඩියානු භූමියේදීම ඝාතනය කිරීම මඟින් ඉන්දියාව තම රටේ ස්වෛරීත්වය උල්ලංඝනය කර ඇති බවයි.
පසුගියදා ඉන්දියාවේදී පැවැත්වුණු G20 සමුළුව අතරතුර ද අගමැති නරේන්ද්‍ර මෝදි හා ටෘෘඩෝ අතර මේ සම්බන්ධයෙන් උණුසුම් සංවාදයක් මතුව ඇති බව වාර්තා වෙනවා.
කෙසේ නමුත් එල්ල වන චෝදනා ඉන්දීය රජය තරයේ ප්‍රතික්ෂේප කරන බවයි වාර්තා වෙන්නේ.
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත්තේ ඛලිස්තාන් ත්‍රස්තවාදීන් සහ අන්තවාදීන්ගේ අවධානය වෙනතකට යොමු කිරීම මෙම චෝදනාවල අරමුණ බවයි.
මේ අතර අදාළ සිදුවීම මුල් කරගනිමින් ඉන්දීය රාජ්‍යතාන්ත්‍රික නිලධාරී පවන් කුමාර් රායි සිය රටින් නෙරපා හැරීමටත් කැනඩාව පියවර ගෙන තිබුණා.
එයට ප්‍රතිචාර දැක්වීමක් ලෙසින් ඉන්දියාවද අද(19) කැනඩා තානාපති නිලධාරියෙක්ව සිය රටින් නෙරපා ඇති බවද වාර්තා වෙනවා.