ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ එකඟතාවයට පැමිණීමෙන් පසු ඩොලරයේ අගය රුපියල් 200 හෝ 185 දක්වා ක්‍රමයෙන් පහළ බසිනු ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ අරලියගහ මන්දිරයේ පැවති 32 වන ඉන්ටරැක්ට් දිස්ත්‍රික් සමුළුව අමතමින්.
රට ස්ථාවර වීමට වසර 4 ක කාල පරිච්ඡේදයක් යනු ඇති බවයි ඒ මහතා සඳහන් කළේ.
ඔහු පවසන්නේ අයවැය හිඟයක් ඇති නොවන සහ 2026 වන විට අයවැය අතිරිත්තයක් ඇති කරන බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබාදුන් ඉල්ලක්කය සමඟ එකඟවූ බවයි.
එම ලබාගත් මුදල් නැවත ගෙවිය හැකි බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.
