30 C
Colombo
Thursday, January 16, 2025

තරුණියක් රෝහලට යෑවූ පිටකොටුවේ බීම බෝතලය

- Advertisement -

පිටකොටුව, පීපල්ස් පාර්ක්හි පිහිටි ආපන ශාලාවකින් මිලදීගත් පැණි බීම බෝතලයක් පානය කිරීමෙන් පසුව රෝගාතුර වූ 19 හැවිරිදි තරුණියක් රෝහල්ගත කර තිබෙනවා.

පොලීසිය අනාවරණය කරගෙන ඇත්තේ ආපන ශාලාවෙන් පැණි බීම වෙනුවට පිරිසිදුකාරක අඩංගු බෝතලයක් අත්වැරදීමකින් ඇයට ලබාදී ඇති බවයි.

රෝගාතුර වූ තරුණිය සිය මව සමග පසුගිය දෙසැම්බර් 31 වනදා අදාළ ආපන ශාලාව වෙත ගොස් තිබෙනවා.

එහිදී ආහාර අනුභව කරන අතරතුර තරුණිය පැණි බීම බෝතලයක් ඇණවුම් කර තිබුණා.

එය පානය කිරීමත් සමග ඇයට වමනය යෑමට පටන් ගැනිම නිසා ඇයව ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව ජාතික බෝවන රෝග විද්‍යායතනය වෙත මාරුකර යවා තිබෙනවා.

එහි දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබූ තරුණිය මේ වනවිට සාමාන්‍ය වාට්ටුවක නේවාසිකව ප්‍රතිකාර ලබන බවට වාර්තා වනවා.

සිද්ධිය සම්බන්ධයෙන් ඇයගේ ඥාතීන් සිදුකළ පැමිණිල්ලකට අනුව වේල්ලවීදිය පොලීසිය අදාළ ආපන ශාලාවේ සේවකයන් තිදෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා.

එහිදී ඔවුන් පවසා ඇත්තේ, ආපනශාලාවේ ප්‍රධාන ශාඛාවෙන්, හිස් පැණි බීම බෝතල්වල දමා පිරිසිදුකාරක ආපනශාලාව වෙත එවන බවයි.

පැණි බීම හා අදාළ පිරිසිදුකාරක හඳුනාගැනීමට නොහැකි බවත්, ඒ හේතුවෙන් සේවකයෙකු විසින් අත්වැරදීමකින් පැණි බීම වෙනුවට පිරිසිදුකාරක බහාලූ බෝතලයක් තරුණියට ලබාදී ඇති බවත් ඔවුන් පවසා තිබෙනවා.

අනතුරුව අදාළ ආපන ශාලාවේ තිබී තවත් එවැනිම පිරිසිදුකාරක ඇතුළත් බෝතල් කිහිපයක් ද පොලීසිය මගින් සොයාගෙන තිබුණා

වේල්ලවීදිය පොලිසිය හා කොළඹ මහනගර සභාවේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මගින් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරනවා.

RECENT ARTICLES - SINHALA

රේගුවේ තවත් බහාලුම් 100ක් හිරවෙලා

බහාලුම් නිෂ්කාශනයේදී පවතින ප්‍රමාදය හේතුවෙන් ඔරුගොඩවත්ත RCT රේගු අංගනය තුළ සහ ඉන් පිටත මාර්ගයේ දිගු බහලුම් රථ පෝලිමක් අද (16) පෙරවරුවේ ද වාර්තා වුණා. නිෂ්කාශනය...

කළුබෝවිලත් වෙඩි තැබීමක්

0
කොහුවල පොලිස් වසමේ කළුබෝවිල ප්‍රදේශයේ පාසලක් ආසන්නයේ අද (16) දහවල් වෙඩිතැබීමක් සිදුකර තිබෙනවා. කොහුවල පොලීසිය පවසන්නේ යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති...

Breaking: දුමින්දව ආයෙත් හිර‍ කූඩුවට

මරණීය දණ්ඩනය නියම වූ දුමින්ද සිල්වා නැවතත් වැලිකඩ බන්ධනාගාරයේ සාමාන්‍ය සිර මැදිරියක් වෙත රැගෙන ගොස් තිබෙනවා. පසුගිය ජනවාරි 10 වෙනිදා දුමින්ද සිල්වා, වැලිකඩ බන්ධනාගාර...

POPULAR ARTICLES

රේගුවේ තවත් බහාලුම් 100ක් හිරවෙලා

බහාලුම් නිෂ්කාශනයේදී පවතින ප්‍රමාදය හේතුවෙන් ඔරුගොඩවත්ත RCT රේගු අංගනය තුළ සහ ඉන් පිටත මාර්ගයේ දිගු බහලුම් රථ පෝලිමක් අද (16) පෙරවරුවේ ද වාර්තා වුණා. නිෂ්කාශනය...

ගාසා තීරයේ සටන් විරාම ගැන තීරණාත්මක රැස්වීමක් පරක්කු වෙලා

ඊශ්‍රායලයේ ආරක්ෂක කැබිනට් මණ්ඩලය ගාසා තීරයේ හමාස් සමඟ සටන් විරාමයක් සහ ප්‍රාණ ඇපකරු ගිවිසුමක් අනුමත කිරීම සඳහා සැලසුම් කර ඇති රැස්වීමක් ප්‍රමාද කර තිබෙනවා. ඊශ්‍රායල...

පොඩි ලැසී අත්අඩංගුවට

පාතාල කල්ලි සාමාජිකයෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස හැඳින් වෙන පොඩි ලැසී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ඉන්දියාවේ මුම්බායි හිදී යි. ඒ සම්බන්ධයෙන් මෙරටට දැනුම්දී ඇති බව...