23 C
Colombo
Thursday, February 13, 2025

බේරේ වැවේ තාරාවුන් හදිසියේ මිය ගිහින්

- Advertisement -

දින කිහිපයක සිට කොළඹ බේරේ වැවේ වාසය කරන තාරවුන් විශාල ප්‍රමාණයක් හදිසියේ මිය යෑමේ තත්වය මතුව ඇති බව වාර්තා වෙනවා.

ප්‍රදේශවාසීන් පවසන්නේ බේරේ වැවේ ජලය පවිත්‍ර කිරීමට භාවිත කළ යම් රසායනික ද්‍රව්‍යක් මීට බලපා ඇති දැයි සැකයක් පවතින බවයි.

මේ හේතුවෙන්, දිනකට තාරාවුන් 15-20 මිය යන බව ඔවුන් පෙන්වා දෙනවා.

කෙසේවෙතත්,  කොළඹ මහ නගර සභාව යෙදූ රසායනික ද්‍රව්‍යක් හේතුවෙන් මෙම සතුන් මරණයට පත්වූ බවට පළවන වාර්තා නිශ්චිතව තහවුරු කළ නොහැකි බව ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන නියෝජිතායතන හෙවත් නාරා ආයතනයේ ප්‍රධාන පශූ වෛද්‍ය නිලධාරී මොහොමඩ් ඉජාස් මහතා පවසනවා.

මියගිය සතුන් 25ක් අතරින් සතුන් 7 දෙනෙකුගේ සිරුරු මේ වනවිට හෝමාගම පශු විමර්ශන ඒකකයට යවා තිබෙන බවත් එහිදී සිදුකළ පරීක්ෂණ අනුව මෙය කුරුළු උණ තත්ත්වයක් නොවන බව තහවුරු වී ඇති බවත් ඔහු සඳහන් කරනවා.

නාරා ආයතනයේ පරිසර අධ්‍යන අංශයේ ප්‍රධානී ආචාර්ය ශ්‍යාමලී වීරසේකර මහත්මිය සඳහන් කළේ මේ සිද්ධිය සම්බන්ධයෙන් ජල සාම්පල පිළිබඳ පර්යේෂණ වාර්තාව දින තුනක් ඇතුළත ලබා දීමට පියවර ගන්නා බවයි.

එම වාර්තා, ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාශය ලබාදීමෙන් අනතුරුව ඉදිරි කටයුතු සිදුකිරීමට නියමිතයි.

RECENT ARTICLES - SINHALA

විදුලි කප්පාදුව ගැන අවසන් තීරණය අද

විදුලිය කප්පාදුව තවදුරටත් සිදුකරන්නේ ද ? නැද්ද ? යන්න සම්බන්ධයෙන් අද (13) දිනයේ තීරණය කරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා. එහි සභාපති ආචාර්ය තිලක් සියඹලාපිටිය...

පානදුර මුහුදේ දිය නාමින් සිටි 13 දෙනෙකු ගහගෙන ගිහින්

පානදුර මුහුදේ ඊයේ (12) පස්වරුවේ දිය නාමින් සිටි 13 දෙනෙකු ගසාගෙන ගොස් ඉන් 12 දෙනෙකුගේම දිවි බේරාගැනීමට හැකි වූ බව පානදුර ජීවිත ආරක්ෂක ඒකකය...

හල්පේ මාරක අනතුරක්

ලොරි රථයක් හා ස්කූටි වර්ගයේ යතුරු පැදියක් එකිනෙක ගැටීමන් මාරක අනතුරක් සිදුව තිබෙනවා. ඇල්ල පොලිසිය පවසන්නේ, බදුල්ල, බණ්ඩාරවෙල ප්‍රධාන මාර්ගයේ හල්පේ ඉන්ධන පිරවුම්හල අසළදී අද...

POPULAR ARTICLES