ජාතිවාදය වෙනුවට ජාතික සමගියේ නව දේශපාලනයක් ශ්‍රී ලංකාවේ ස්ථාපිත කරන බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
1947 වර්ශයේ නිදහස ලබාගත් ඉන්දියාව, විවිධ භාෂාවන් කතා කරන, විවිධ ආගම් අදහන, ප්‍රාදේශීය බෙදී තිබුණු රාජ්‍යයක් වූ නමුත්, ඉන්දියාවේ ජාතික නායකයන්, ජනතාව එක කොඩියක් යටතට ගෙන ඒමට උත්සාහ ගත් බවද, එහි ප්‍රතිඵලයක් ලෙස අබ්දුල් කලාම් වැනි අයෙක් ජනාධිපතිවරයෙක් බවටද, මනමෝහන් සිං වැනි අයෙක් අග්‍රාමාත්‍යවරයෙක් බවටද, කුල හීන යැයි සම්මත කාන්තාවක් ජනාධිපති ධුරයටද පත්වූ බව ඔහු පෙන්වා දෙනවා.
ඔහු මේ බව කියා සිටියේ, පසුගියදා ලන්ඩනයේ පැවති ශ්‍රී ලාංකීය ජන හමුවක් අමතමින්.
කෙසේවෙතත් 1948 වර්ශයේ නිදහස ලබාගත් ශ්‍රී ලංකාව තුළ 1948න් පසුවත් තිබුණේ බෙදීමේ දේශපාලනයක් බවද, එහි ප්‍රතිඵලයක් ලෙස අවුරුදු 30 ක යුද්ධයක් පැවති අතර ඉන් දස දහස් ගණන් මිනිසුන් මිය ගිය බව අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
ඉන් අනතුරුව සිදු වූ පාස්කු ප්‍රහාරයද බෙදීමේ දේශපාලනයේ ප්‍රතිඵලයක් බවයි ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.
එම බෙදීමේ දේශපාලනය වෙනස් කර, ජාතිවාදය වෙනුවට ජාතික සමගියේ කොඩිය ගෙනෙනා නව දේශපාලනයක් ශ්‍රී ලංකාවේ ස්ථාපිත කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.