27.8 C
Colombo
Thursday, April 25, 2024

නවුෆර් මව්ලවි ඇතුළු පිරිසට එරෙහි පාස්කු නඩුව ලබන වසරේ ජනවාරි 12 තෙක් කල්යයි

- Advertisement -

පාස්කු ඉරුදින දිවයිනේ ස්ථාන 08කදී මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාර 10ක් එල්ල කිරීම සම්බන්ධයෙන් නව්ෆර් මව්ලවි ඇතුළු විත්තිකරුවන් 25 දෙනෙකුට එරෙහිව අධිචෝදනා ගොනුකර ඇති නීති කෘත්‍යය විභාගය එළඹෙන වසරේ ජනවාරි මස 12 වැනිදා දක්වා කල් තැබීමට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය ඊයේ (23) නියෝග කළා.

ඒ අදාළ නඩුව දමිත් තොටවත්ත, අමල් රණරාජා හා නවරත්න මාරසිංහ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ ඊයේ යළි කැඳවනු ලැබුවා.

එම අවස්ථාව සඳහා දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින නව්ෆර් මව්ලවි ඇතුළු විතිතිකරුවන් 25 දෙනා බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවේ දැඩි ආරක්ෂක විධිවිධාන මධ්‍යයේයි.

නඩුවේ 15 වන විත්තිකරු ලෙස නම්කර සිටින මොහොමදු හනීෆා සෙයිනූල් ආබ්දීන් නැමැත්තාව පසුගිය දින අධිකරණයට ඉදිරිපත් නොකිරීම හේතුවෙන් ඊයේ දිනයේදී බන්ධනාගාර නිලධාරින් ඔහුව අධිකරණයට ඉදිරිපත් කළ අතර එහිදි ඔහුට අධි චෝදනා පත්‍රය භාරදීම සිදුවුණා.

අනතුරුව මීට පෙර නඩුවාරයේදි විත්තිකරුවන් ඉල්ලා සිටි පරිදි ඔවුන් වෙනුවෙන් පෙනී සිටීම සඳහා පත්කළ හැකි දමිළ භාෂාව දන්නා නීතිඥවරුන්ගේ නාමලේඛනයක් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට ඉදිරියේ දී කටයුතු කරන බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය දැනුම් දුන්නා.

එසේම විත්තිකරුවන් ඉල්ලා සිටි පරිදි අධිචෝදනා ලේඛනයන්හි ඉංග්‍රීසි සහ දමිළ භාෂා පිටපත් ඔවුනට ලබාදීමට තවත් කල් අවැසි බව පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් හරිප්‍රියා ජයසුන්දර මහත්මිය අධිකරණයට කරුණු වාර්තා කළා.

විත්තිකරුවන් වෙනුවෙන් ඇප ඉල්ලීමක් සිදු කිරීමට බලාපොරොත්තු වන බව විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණය හමුවේ පැවසුවා.

ඒ අනුව මෙම නඩුව නැවත ලබන වසරේ ජනවාරි මස 12 වන දින කැඳවීමට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය විනිසුරු මඩුල්ල නියෝග කළා.

2019 වසරේ පාස්කු ඉරු දින දිවයිනේ ස්ථාන 08කට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර 10ක් එල්ල කිරීම තුළින් මරණ 268ක් සිදුකිරීම හා තුවාලකරුවන් 784ක් සම්බන්ධයෙන් වගකිවයුතු බවට නීතිපතිවරයා විසින් මොහොමදු ඊබ්‍රහිම් මොහොමදු නව්ෆර්, ආදම් ලෙබ්බේ හෙවත් ගෆුර් මාමා, හයාතු මොහොමදු මිල්හාන්, මොහොමදු ඊබ්‍රහිම් සාදික් අබ්දුල් හක්, මොහොමදු ඊබ්‍රහිම් ෂාහිඩ් අබ්දුල් හක්, මොහොමඩ් අන්වර් මොහොමඩ් රිස්කාන් අතුළු විත්තිකරුවන් 25 දෙනෙකුට එරෙහිව අධිචෝදනා 23,270 යටතේ මෙම නඩුව ගොනු කර තිබිණි.

RECENT ARTICLES - SINHALA

හොර ඒජන්සිවලට වැඩවරදියි

විදේශ රැකියා ලබාදෙන බව පවසමින් නීති විරෝධී ලෙස මුදල් එක් කරන පුද්ගලයින් තරාතිරම නොබලා අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන ලෙස කම්කරු සහ විදේශ රැකියා...

ඉරාන සහ ලංකාව අතර ගිවිසුම් 05ක්

ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුම් (MoUs) පහකට අත්සන් තබා තිබෙනවා. මෙම අවබෝධතා ගිවිසුම් මගින් දෙරට අතර චිත්‍රපට කර්මාන්තය,...

රිලා ගහනය අඩු කරන්න පේරෙන් ලුපයක්

රිළා ගහනය අවම කිරීමේ පර්යේෂණ ප්‍රතිඵලයක් ලෙස රිළවියක ගේ ගර්භාෂයේ ලූපයක් තැන්පත් කිරීම අද (24) පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ දී සාර්ථකව සිදු කරනු...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

අද ඩොලරය

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306.45 ක් ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 297 ක් ලෙසයි. එමෙන්ම,...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...