27.7 C
Colombo
Thursday, April 25, 2024

ඩයනාගේ කපුටු කූඩුවේ හර්ෂ දැමූ බිත්තරය

- Advertisement -

රනිල් වික්‍රමසිංහගේ ආර්ථික ප්‍රතිපත්ති කාක් කූඩුවේ හදපු කොහා පැටියෙක් වැනි යැයි සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා ඊයේ (31) දින පාර්ලිමේන්තුවේදී පවසා සිටියා.

ඔහු දැන් පොහොට්ටුවේ හිරකරුවෙක් බවත් ඔහුගේ ආර්ථික ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට පොහොට්ටුව ඇතුළු රාජපක්ෂ කණ්ඩායම ඉඩ නොදෙන බවත් එහිදී ඔහු පවසා සිටියා.

මීට පිළිතුරු දෙමින් ජාතික ලැයිස්තු මන්ත්‍රිනී ඩයනා ගමගේ අද (01) දින පවසා සිටියේ සමගි ජන බලවේගයත් කර ඇත්තේත් කපුටු කූඩුවේ බිත්තර දැමීමක් බවයි.

හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ දී ඊයේ සිදු කළ කපුටු කූඩුවේ බිත්තර දැමූ කතාව ඇසුණු විට තමාට සිනහා පහළ වූ බවත් සමගි ජන බලවේගය කර ඇත්තේ තමාගේ කූඩුවට පැමිණ බිත්තර දැමීම බවත් ඇය පවසනවා. “ඉතින් කපුටු කූඩුවේ බිත්තර දමන්නට එපා යැයි කියමින් ඔබතුමාගේ නායකයාට පහර ගසන්නට එපා” යැයි ඩයනා ගමගේ වැඩිදුරටත් පවසනවා.


RECENT ARTICLES - SINHALA

ශ්‍රී පාද උඩමළුවෙන් පහළට පැන්න තරුණයා හමුවෙලා

කාන්තාවන් දෙදෙනෙකු සමග වන්දනාවේ පැමිණ ශ්‍රී පාද උඩ මළුවෙන් පහළට පැන අතුරුදන් වූ දිනේෂ් හේමන්ත නමැති වයස අවුරුදු 33 ක සූරියවැව ප්‍රදේශයේ පදිංචි තරුණයා...

සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග...

හොර ඒජන්සිවලට වැඩවරදියි

විදේශ රැකියා ලබාදෙන බව පවසමින් නීති විරෝධී ලෙස මුදල් එක් කරන පුද්ගලයින් තරාතිරම නොබලා අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන ලෙස කම්කරු සහ විදේශ රැකියා...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

අද ඩොලරය

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306.45 ක් ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 297 ක් ලෙසයි. එමෙන්ම,...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...