දේශපාලනය අපේක්ෂකයින් ප්‍රවර්ධනය කිරිමට කටයුතු කළ හම්බන්තොට රාජ්‍ය නිළධාරින් 19 දෙනෙකු පිළිබඳව පරික්ෂණ පැවැත්වෙන බවත් ඉන් රාජ්‍ය නිළධාරින් 09 දෙනෙකුගේ මැතිවරණ රාජකාරි අත්හිටවු බවද හම්බන්තොට දිස්ත්‍රික් තේරින් භාර නිළධාරි එච්.පී.සුමනසිරි මහතා පවසනවා.
දේශපාලන කටයුතුවල නිරතවිම සම්බන්ධයෙන් රාජය නිළධාරින් 19 කුට එරෙහිව පැමිණිලි 17 ක් හම්බන්තොට දිස්ත්‍රික්කයේ මැතිවරණ ආරවුල් නිරාකරණය කිරිමේ ස්ථානය වෙත පසුගිය 18 දින වන විට වාර්තා වි තිබෙනවා.
මෙසේ විවිධ දේශපාලන ක්‍රියා කාරකම් වල නිරතවු රාජ්‍ය නිළධාරින් 19 දෙනා අතර, වෛද්‍යවරුන් 03 දෙනෙකු, මහජන සෞඛ්‍ය පරික්ෂකවරයෙක්, විදුහල්පතිවරු 09 දෙනෙකු හා නියොජ්‍ය විදුහල්පතිවරයෙකු, ගුරුවරුන් 04 දෙනෙකු හා සමෘද්ධි කළමනාකරුවෙකු සිටින බවද සුමනසිරි මහතා සදහන් කළා.