විදුලිබල පනත යළි සලකා බැලීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.
2024 අංක 36 දරන ශ්‍රී ලංකා විදුලිබල පනතේ විධිවිධාන 2024-06-27 දින සිට බලාත්මක වී තිබුණා.
එකී පනතේ විධිවිධාන, යෝජිත ආයතන හා ඒවායේ කාර්ය භාරයන් සහ වගකීම් එකී පනතින් අපේක්ෂිත අරමුණු සපුරා ගැනීමේලා අපොහොසත් වනු ඇති බවත්, එබැවින් සුරක්ෂිත සහ පිවිතුරු විදුලිබල ක්ෂේත්‍රයක් ඇති කිරීමේදී විදුලිබල කර්මාන්තයට හා පාරිභෝගිකයින් මත අමතර බරක් පැටවෙන බවත්, විවිධ පාර්ශ්ව විසින් පෙන්වා දී තිබෙනවා.
එබැවින්, තිරසර සහ සුරක්ෂිත විදුලිබල ක්ෂේත්‍රයක් ස්ථාපිත කිරීම සඳහා උනන්දුවක් දක්වන අදාළ සියලු පාර්ශ්වකරුවන්ගේ අදහස් සැලකිල්ලට ගනිමින්, විදුලිබල පනතේ පරමාර්ථ යළි සලකා බැලීම අත්‍යවශ්‍ය වී ඇති බවයි රජය පවසන්නේ.
ඒ අනුව, 2024 අංක 36 දරන විදුලිබල පනත අධ්‍යයනය කර යෝග්‍ය සංශෝධන සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීම පිණිස ප්‍රධාන පාර්ශ්වකරුවන්, විදුලිබල සහ බල ශක්ති ක්ෂේත්‍රයේ ප්‍රතිපත්ති විශේෂඥයින්ගෙන් සමන්විත කමිටුවක් පත් කිරීම සඳහා බල ශක්ති අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරනු ලැබුවා.