ඉදිරි මාස දෙක තුළ විදුලි බිල අඩු කිරීමට හැකි බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා.
කොළොන්නාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවැති සාකච්ඡාවකදී දිනේෂ් ගුණවර්ධන මහතා මේ බව සඳහන් කළා.
අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේ උමා ඔය බලාගාරය හරහා ජාතික පද්ධතියට මෙගාවොට් 120ක අතිරේක විදුලි ධාරිතාවක් ලැබීම, ඒ කෙරෙහි සෘජුවම බලපා ඇති බවයි.
ඒ අනුව, විදුලි බිල අඩු කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා ආරම්භ වී ඇතැයි අග්‍රාමාත්‍යවරයා තවදුරටත් පවසා සිටියා.