28.9 C
Colombo
Thursday, March 27, 2025

මූලික වැටුපට වතු හිමියන් එකඟ වෙලා

- Advertisement -

වතු කම්කරුවන් සඳහා ගෙවීමට යෝජිත දෛනික වැටුප හා ඵලදායීතාව මත ගෙවීමට නියමිත දිරි දීමනාව වතු කම්කරුවන්ට ලබා දීමට ඊයේ (10) දිනයේ රැස් වූ වතු සමාගම් 09ක් එකඟ වූ බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසනවා.

මෙම මාසයේ සිට එම මුදල වැටුප් ලෙස වතු කම්කරුවන්ට ගෙවීමට අදාළ වතු සමාගම් අමාත්‍යවරයාට එකඟතාව පළ කර තිබෙන බව පැවසෙනවා.

අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා හා වතු සමාගම් අතර ඊයේ එම අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවකදී මෙම එකඟතාවයට එළඹ තිබුණා.

වතු කම්කරුවන්ගේ වැටුප රුපියල් දහසේ සිට වැඩි කිරීමට පසුගියදා රජය තීරණය කළ අතර මේ වසරේ මැයි පළවැනිදා ඒ සම්බන්ධ ගැසට් නිවේදනය නිකුත් කළා.

එහෙත් එයට එරෙහිව වතු සමාගම් අධිකරණ ක්‍රියාමාර්ගයකට එළැඹී තිබූ අතර අධිකරණය විසින්ද මේ සම්බන්ධව එකඟතාවයකට පැමිණ කටයුතු කරන ලෙස දැනුම් දී තිබුණා.

ඒ අනුව දෙපාර්ශ්වය අතර ඊයේ දිනයේ ඇති වූ මෙම එකඟතාවය මෙරට වතු කම්කරුවන් ලැබූ විශාල ජයග්‍රහණයක් බව අමාත්‍යවරයා සඳහන් කළා.

මේ සම්බන්ධව වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා,

මේ මොහොතේ වතු කම්කරුවන්ගේ වැටුප් ගෙවීමට නොහැකියාවක් පවතින සමාගම් තිබෙන්නේ නම් විශේෂයෙන් ඔවුන්ගේ කාර්යක්ෂමතාවය පිළිබඳ ගැටලුවක් පවතින නිසා එවැනි වතු සමාගම්වලට මෙයට පෙර කැබිනට් මණ්ඩලය ගත් තීන්දු අනුව පත් කරන ලද කමිටු තීරණ අනුව අලුතින් සකස් කරන ලද නීතිරීති හරහා ඔවුන්ගේ බදු ගිවිසුම් පත්‍ර අවලංගු කර දැනට වැටුප් ගෙවීමට හැකියාවක් පවතින කාර්යක්ෂමව පවත්වාගෙන යන වතු සඳහා ඔවුන්ගේ ආයෝජන අවස්ථා වැඩි දියුණු කර ගැනීමටත් එම වතුවල දීර්ඝ කාලීන ආයෝජනයන් සිදුකිරීමටත් තීරණය කෙරුණා. දැනට තිබෙන කෙටි කාලීන බදු ගිවිසුම් කාලය දීර්ඝ කර ඉදිරියට තව දුරටත් දීර්ඝකාලීන බදු ගිවිසුම් සඳහා ඔවුන් සමග එකඟව කටයුතු කිරීමට අවශ්‍ය කරන නීතිරීති සකස් කිරීමට පසුගිය කැබිනට් මණ්ඩලය ගත් තීන්දුව අනුව තවදුරටත් එය කඩිනම් කිරීමට කැබිනට් මණ්ඩලයේදී තීරණය කෙරුණා.සේවකයන්ට සරිලන වැටුප් ගෙවීමට නොහැකි වතු සමාගම් සිටී නම් ඔවුන්ගේ බදු ගිවිසුම් අවලංගු කිරීමටත් එමෙන්ම නිවැරදි ආකාරයෙන් ගෙවන වතු සමාගම් සිටී නම් එම සමාගම්වල බදු ගිවිසුම් කාලය වඩා දීර්ඝ කාලයක් සඳහා ගිවිසුම් ගත වීම සඳහාත් ඒ පිළිබඳව සොයාබැලීම සඳහා පත්කරන ලද කමිටුවේ නීති වහා ක්‍රියාත්මක කිරීමටත් කැබිනට් මණ්ඩලය තීන්දුවක් ගත්තා. දැනට වැටුප් වැඩි කිරීම සඳහා අමාත්‍යාංශය මගින් නිකුත් කරන ලද ගැසට් නිවේදන, නෛතික කරුණු සම්බන්ධව විමසීමක් කර ඒ සඳහා ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බව මෙහිදී කැබිනට් මණ්ඩලයට දැනුම් දුන්නා.


RECENT ARTICLES - SINHALA

හිටපු ASP උඩුගම්පොළ මිලේනියම් සිටි නඩුවෙන් නිදොස් කොට නිදහස්

2002 වසරේ අතුරුගිරිය "මිලේනියම් සිටි" නිවාස සංකීර්ණයේ පිහිටි ශ්‍රී ලංකා යුද හමුදාවේ බුද්ධි අංශය විසින් පවත්වාගෙන ගිය ආරක්ෂක නිවස්නයක් පිළිබඳ තොරතුරු ප්‍රසිද්ධියට පත්කොට ජාතික...

Breaking : නාමල්ගේ ක්‍රිෂ් නඩුවෙන් විනිසුරු අයින් වෙලා

ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව ගොනුකර තිබෙන නඩුව විභාග කරන කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා එම නඩු විභාගයෙන් තමන්...

රාජ්‍ය පොසොන් උත්සවයෙන් මම ඉවත් වෙනවා – මිහින්තලේ හිමි

මෙවර රාජ්‍ය පොසොන් උත්සවයේ සියලු සංවිධාන කටයුතුවලින් ඉවත් වීමට තීරණය කළ බව මිහින්තලය රජමහා විහාරයේ විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියෝ පවසනවා. උන්වහන්සේ පෙන්වා දෙන්නේ, මිහින්තලා...

POPULAR ARTICLES

හිටපු ASP උඩුගම්පොළ මිලේනියම් සිටි නඩුවෙන් නිදොස් කොට නිදහස්

2002 වසරේ අතුරුගිරිය "මිලේනියම් සිටි" නිවාස සංකීර්ණයේ පිහිටි ශ්‍රී ලංකා යුද හමුදාවේ බුද්ධි අංශය විසින් පවත්වාගෙන ගිය ආරක්ෂක නිවස්නයක් පිළිබඳ තොරතුරු ප්‍රසිද්ධියට පත්කොට ජාතික...

Breaking : නාමල්ගේ ක්‍රිෂ් නඩුවෙන් විනිසුරු අයින් වෙලා

ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව ගොනුකර තිබෙන නඩුව විභාග කරන කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා එම නඩු විභාගයෙන් තමන්...

ට්‍රම්ප් නව ආනයනික බදු ප්‍රකාශයට පත්කරයි

අමෙරිකාවට ආනයනය කරන ලද මෝටර් රථ සහ අමතර කොටස් සඳහා අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් නව ආනයනික බදු ප්‍රකාශයට පත් කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා...