31 C
Colombo
Friday, January 17, 2025

කැරම් බෝඩ් නඩුවේ සාක්ෂි විභාගය අවසන්

- Advertisement -

2015 වර්ෂයේ ජනාධිපතිවරණ සමයේ දී පාසල් අතර බෙදාහැරීම සඳහා යැයි පවසමින් ලංකා සතොස හරහා ආනයනය කරන ලද රුපියල් කෝටි පහමාරකට අධික වටිනාකමකින් යුත් දාම් හා කැරම් බෝඩ් උපකරණ තොගයක් වෙනත් කටයුතු සඳහා යෙදවීමේ චෝදනාවලට වැරදිකරුවන් කරමින් නඩු පවරා ඇති එවක හිටපු වෙළෙඳ අමාත්‍ය නලීන් රුවන්ජිත් ප්‍රනාන්දු හා ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ යන අයට එරෙහිව ඇති චෝදනාවල සාක්ෂි විමසීම අද (19) අවසන් කෙරුණා.

අද පෙරවරුවේ විත්තිකාරයින් දෙපළම පෞද්ගලිකව ම අධිකරණය හමුවේ පෙනී සිටියා.

එහිදී බස්නාහිර පළාත් බද දෙවැනි මහාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල තීරණය කළේ එම නඩුවේ ලිඛිත හා වාචික දේශන ලබන ජනවාරි මස 22 වැනි දින කැඳවීමටයි.

එහි පළමු විත්තිකාර නලීන් ප්‍රනාන්දු හට ජනවාරි මස 10 සිට 16 දක්වා කාලය තුළ විදෙස්ගත වීමට ද අවසර හිමිවුණා.

මෙම අවසරය සම්බන්ධයෙන් ආගමන හා විගමන පාලකවරයා ඇතුළු බලධාරීන්ව දැනුම්වත් කරන ලෙස ත්‍රිපුද්ගල විනිසුරුවරුන් වූ ප්‍රදීප් හෙට්ටිආරච්චි, මහේන් වීරමන් සහ ප්‍රදීප් අබේරත්න යන විනිසුරුවරුන් විසින් නියෝග කරනු ලැබුවා.

RECENT ARTICLES - SINHALA

විදුලි ගාස්තු සංශෝධනය ගැන විශේෂ නිවේදනයක්

විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් බලශක්ති අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබෙනවා. එම නිවේදනයේ සඳහන් වන්නේ, ඒ අනුව මහජන උපයෝගීතා කොමිසම විසින් නිර්දේශ කර...

අධිකරණයට අපහාස කළාට සුදාට නඩුවක්

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් රංගන ශිල්පී සුදත්ත තිලකසිරිට එරෙහිව අභියාචනාධිකරණය හමුවේ නඩුවක් ගොනු කර තිබෙනවා. රංගන ශිල්පී සුදත්ත තිලකසිරි විසින් පවත්වාගෙන යනු ලබන යුටියුබ් නාලිකාවක...

කාදිනල්හිමිගේ පෙත්සමකට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්

එක්ස්ප්රස් පර්ල් නෞකාව ගිනි ගැනීමේ සිද්ධිය තුළින් පරිසරයට හා ධීවරයින්ට සිදුවූ හානිය වෙනුවෙන් වන්දි අය කර දෙන ලෙස ඉල්ලා අති උතුම් මැල්කම් රංජිත් කාදිනල්...

POPULAR ARTICLES