ලෝක උරුම පිටවල පතනේ පරිසර හිතකාමී නොවන ලෙස ඉදිවන දෙමහල් ගොඩනැගිල්ලේ ඉදිකිරීම්වලට විරුද්ධව විරෝධතාවක් පිටවල පතනේ දී ගම්වැසියන් සහ තවත් පිරිසක් එකතුවෙන් සිදු විය.
වන සංරක්ෂණ නිලධාරීන් මෙම ඉදි කිරීම නිසා එක් ගසක් පමණක් කපා ඉවත් කළ බව පවසා සිටියත් එම අවස්ථාවේදීම කපා ඉවත් කළ ගස් කීපයක මුල් නිලධාරීන් වෙත පෙන්වීමට ගම්මුන් කටයුතු කරන ලදී.
මීට අමතරව පිටවල පතන මාර්ගයේ කෙටි පැති බැම්මක් ඉදිකිරීම සඳහා පිටවල පතනේ ඇති ගල් යොදා ඇති ආකාරය පිළිබඳවත් ගම්මුන් චෝදනා කරන ලදී.
පතනේ එක් පසක කොන්ක්‍රීට් මිශ්‍රණය කිරීමකින් පසුව එම මිශ්‍රණය සෝදා ගොස් පතන භූමියට සිදුව ඇති හානියද සුළු පටු නොවේ.
මෙම විරෝධතාවය නිරීක්ෂණය කිරීමට පොලිසිය, බුද්ධි අංශය ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් පැමිණ සිටි අතර උද්ඝෝෂණය අවසන් වීමෙන් පසුව වන විනාශයට එරෙහිව කරුණු ඉදිරිපත් කළ නිලධාරීන්ට තර්ජනාත්මක ස්වරූපයෙන් ආමන්ත්‍රණය කිරීමට එහි පැමිණ සිටි ඉහල නිලධාරීන් පිරිසක් කටයුතු කිරීම ඉතා කනගාටුදායක තත්ත්වයකි.
– උචිත් මධුක –





