26.1 C
Colombo
Sunday, May 18, 2025

පුංචි ඡන්දෙ ගැන අවසන් තීරණේ ලබන සතියේ

- Advertisement -

පළාත් පාලන මැතිවරණය සඳහා කැඳවු නාමයෝජනා අවලංගු කරන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීම සඳහා තීරණාත්මක පක්ෂ නායක රැස්වීමක් ලබන සතියේදී  පැවැත්වීමට නියමිතව තිබෙනවා.

සභා නායක අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම සාකච්ඡාවට පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම දේශපාලන පක්ෂවල නායකයෝ සහභාගි වනු ඇති.

එහිදී ගනු ලබන තීරණ මත පදනම්ව පළාත් පාලන  මැතිවරණයේ  නාම යෝජනා සම්බන්ධයෙන් අවසාන එකඟතාවයකට එළැඹීමට නියමිත බවයි රාජ්‍ය පරිපාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න මහතා පවසන්නේ.

පළාත් පාලන මැතිවරණයට කැඳවූ නාම යෝජනා අවලංගු කරන ලෙස දේශපාලන පක්ෂ රැසක් රජයෙන් දැනටමත් ඉල්ලීම් කර තිබෙනවා.

පළාත් පාලන මැතිවරණය මුලින් පැවැත්වීමට මැතිවරණ කොමිසම කටයුතු කළ ද මූල්‍ය ප්‍රතිපාදන නොලැබීම හේතුවෙන් මැතිවරණය පැවැත්වීම මැතිවරණ කොමිසම විසින්  අත්හිටවනු ලැබුවා.

මේ අතර පළාත් පාලන මැතිවරණය ඉතා කඩිනමින් පවත්වන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා පවසනවා.

ශ්‍රේෂ්ඨාධිකරණයේ නියෝගය අනුව එම මැතිවරණය කඩිනමින් පැවැත්විය යුතු බවද ඔහු එහිදී කියා සිටියා.

පළාත් පාලන ආයතන 340 ක් සඳහා අපේක්ෂකයන් 8,711ක්  තෝරා ගැනීම වෙනුවෙන් පළාත් පාලන මැතිවරණයට  පසුගිය වසරේ  අප්‍රේල් මාසයේදී නාමයෝජනා කැඳවනු ලැබූ අතර, ඒ සඳහා අපේක්ෂකයෝ 80,672 දෙනෙක්  ඉදිරිපත්ව  සිටියා.

මහ නගර සභා 24ක්, නගර සභා 41ක් සහ ප්‍රාදේශීය සභා 275 ක් සඳහා මෙම පිරිස ඉදිරිපත් වී සිටිනවා.

පළාත් පාලන මැතිවරණ සඳහා නාම යෝජනා බාර දුන් පිරිස අතර රාජ්‍ය සේවකයෝ තුන්දහසක පමණ පිරිසක් ද සිටිනවා.

නාම යෝජනා දුන් මෙම පිරිසෙන් අටදහසක පමණ පිරිසක් විදේශගත වී හෝ මියගොස් හෝ සිටින බවයි පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසන්නේ.

මේ අතර අපේක්ෂකයන් දෙදහසකට වැඩි පිරිසක් පසුගිය කාල සීමාවේදී  පක්ෂ මාරු කර ඇති බවද අමාත්‍යාංශයට තොරතුරු අනාවරණයවී තිබෙනවා.

ඇල්පිටිය හැර සියලු පළාත් පාලන ආයතන දැනට පවතින්නේ කොමසාරිස් පාලනය යටතේයි.

RECENT ARTICLES - SINHALA

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරී ඉල්ලා අස්වෙලා

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරී සවීන් සේමගේ මහතා එල්ල වී ඇති මරණීය තර්ජන හේතුවෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි ඉල්ලා ඊයේ (17) සිය ධූරයෙන්...

පුංචි ඡන්දෙට මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ අයත් ඉල්ලලා

මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ 34 දෙනෙකු මෙවර පළාත්පාලන මැතිවරණයට තරඟ කර ඇතැයි අනාවරණය වි තිබෙනවා. මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසා තිබුණේ ඔවුන් සම්බන්ධයෙන් පුලුල්...

කොළඹ යටවන තැන් 20කට ආසන්න ප්‍රමාණයක්

වර්ෂාවත් සමග කොළඹ නගර සීමාවේ ජලයෙන් යටවන ස්ථාන 20 කට ආසන්න ප්‍රමාණයක් හඳුනාගෙන ඇතැයි, කොළඹ මහ නගර සභාව පවසවා. ප්‍රධාන වශයෙන් ජලයෙන් යටවන ස්ථාන ලෙස...

POPULAR ARTICLES