2025 ICC ටෙස්ට් ක්‍රිකට් ලෝක ශූරතාවලියේ අවසන් මහා තරගය එංගලන්තයේ ලෝඩ්ස්හිදී අද (11) ආරම්භ වනවා.
තරගය පැවැත්වෙන්නේ වත්මන් ශූර ඔස්ට්‍රේලියාව සහ දකුණු අප්‍රිකාවයි.
පැට් කමින්ස් පසුගියවර මෙන්ම මෙවරත් ඔස්ට්‍රේලියා කණ්ඩායමට නායකත්වය ලබා දෙන අතර, දකුණු අප්‍රිකා කණ්ඩායම මෙහෙයවන්නේ ටෙම්බා බවුමා යි.
උස්මන් කවාජා, මානස් ලබුෂේන්, කැමරන් ග්‍රීන්, ස්ටීවන් ස්මිත් ඇතුළු ප්‍රබල ක්‍රීඩකයින් රැසක් ඔස්ට්‍රේලියා කණ්ඩායමට ක්‍රීඩා කරනු ලැබෙනවා.
දකුණු අප්‍රිකා වේග පන්දු යවන ක්‍රීඩක ලුන්ගි එන්ගිඩි අද තරගයට සහභාගී වනු ඇතැයි විදෙස් මාධ්‍යවල සඳහන් වනවා.
ටෝනි ඩි සෝසි, කේෂව් මහරාජ්, එයිඩන් මාක්‍රම්, වියාන් මූල්ඩර් සහ කගීසෝ රබාඩා වැනි දක්ෂ ක්‍රීඩකයින් රැසක් දකුණු අප්‍රිකා සංචිතයට ඇතුළත් වනවා.
මෙම තරගය මෙරට වේලාවෙන් අද සවස 3ට ආරම්භ කිරීමට නියමිතයි.