32 C
Colombo
Tuesday, February 18, 2025

රත්නපුරෙන් සොයා ගත් ව්‍යාජ ලෙස එකලස් කළ මෝටර් රථ පහ

- Advertisement -

ව්‍යාජ එන්ජින් අංක හා චැසි අංක කොටා කූඨ ලේඛන සකස්කර රථ වාහන විකුණූ “කලවාන පොල්කොටුවේ ගඩ්ඩා” නැමැති අන්වර්ථ නාමයෙන් හඳුන්වන කාර් සේල් ව්‍යාපාරිකයෙකුව වලාන, මධ්‍යම දුෂණ මර්දන ප්‍රහාරක බළකායේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ලද තොරතුරක් මත සැලැස්මකට අනුව, විශේෂ පොලිස් කණ්ඩායම් 02 ක් යොදවා රත්නපුර කලවාන ප්‍රදේශයේ දී මෙම සැකකරුව අත්අඩංගුවට ගෙන තිබුණා.

එහිදී, රුපියල් කෝටි 07 ක් පමණ වටිනාකමකින් යුතු ව්‍යාජ රථ 05 ක් පොලිස් භාරයට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කලවාන පොලිස් ස්ථානයට ඉදිරිපත් කල බව පැවසෙනවා.

පොලිස් භාරයට ගත් මෙම වාහන අතර ගර්හිත තත්ත්වයේ ඇති ධාවනය කළ නොහැකි ජපන් කැල්ටස් වර්ගයේ කාර් රථයේ චැසි කොටස එම කාර් රථයෙන් කූඨ ලෙස ඉවත් කර එම ස්ථානයේම තිබූ ජපන් සුසුකි වර්ගයේ කාර් රථයේ චැසි බද කොටසට පෑස්සුම් කර ඇති බවද විමර්ශනයේ දී අනාවරණය වී තිබෙනවා.

සැකකරුව අත්අඩංගුවට ගත් අවස්ථාවේදී ඔහුට ඇති වූ හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් ඔහුව රත්නපුර මුලික රෝහලට ඇතුළත් කර ඇති අතර මේ වන විට රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව වාර්තා වනවා.

RECENT ARTICLES - SINHALA

වියළි කාලගුණික තත්ත්වයෙන් ජල සැපයුමට බාධා

පවතින කාලගුණික තත්ත්වය හමුවේ ජල සැපයුමට බාධා ඇති වීම සම්බන්ධයෙන් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. මේ දිනවල දිවයිනේ පවතින අධික...

හිටපු ඇමති ප්‍රියංකරට අධිචෝදනා

හිටපු අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතාට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා බාරදී තිබෙනවා. ඔහු සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ අවධියේ රුපියල් 494000/- ක...

කෙහෙළියට එරෙහි නඩුවක සාක්ෂි විභාගය පටන් අරන්

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති ජයම්පති හින්කෙන්ද යන මහත්වරුන්ට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබෙන නඩුව අද...

POPULAR ARTICLES