26.1 C
Colombo
Wednesday, October 4, 2023

නිදහස් පක්ෂය පොහොට්ටුවෙන් ගැලවෙයි?

- Advertisement -

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අනුරාධපුර දිස්ත්‍රික් බලමණ්ඩලය විසින් ශ්‍රීලනිප‍ය ඉදිරි මැතිවරණ සඳහා තනිව තරග කළයුතු බවට යෝජනාවක් ඒකමතිකව සම්මත කර තිබෙනවා.

ඒ, ඊයේ (14) දිනයේදී ශ්‍රීලනිප ජාතික සංවිධායක දුමින්ද දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර ගුවන් තොටුපළ පාරේ පිහිටි දිස්ත්‍රික් කාර්යාලයේ පැවති රැස්වීමේදීයි.

ශ්‍රීලනිප අනුරාධපුර තරුණ පෙරමුණේ ලේකම් සමන් කුමාර මහතා විසින් මෙම යෝජනාව දිස්ත්‍රික් බලමණ්ඩලයට ඉදිරිපත් කර ඇති අතර ඊට සභාවේ සියලුම දෙනාගේ අනුමැතිය හිමිව තිබුණා.

මෙහිදී අදහස් දැක්වූ  රාජ්‍යය අමාත්‍යය දුමින්ද දිසානායක මහතා,

“ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හයියත් අරගෙන හැට නව ලක්ෂයක් ගත්තාට, ජනාධිපතිතුමාව පත් කර ගත්තාට නිසි සැලකිල්ල ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයාට තියෙනවාද ? නැද්ද ? කියන එක පිළිබඳව අද අපිට ප්‍රශ්නයක් තියෙනවා. ගමේ දේශපාලනය කරන ඔබතුමන්ලාට දැනෙනවා ඇති අපි කරපු කැපකිරීමේ තරම ඒ අයට තේරිලා තියෙනවාද කියලා ඔබතුමන්ලාට අපිට වඩා හොදට දැනෙනවා ඇති.

අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදිහට අපි ආඩම්බර වෙන්න ඕන අපි ගත්ත තීන්දුව පිළිබඳව. මොකද අපිට පක්ෂයක් ලෙස තිබුණේ හොඳ අරමුණක්,  අපිට තිබුණේ හොඳ බලාපොරොත්තුවක්. අපි තනතුරු වෙනුවෙන් නෙමෙයි වැඩ කලේ, රට හොඳ තැනකට, හරි තැනකට ගෙන එනවාද නැද්ද කියන එක පිළිබඳව තමයි එදා අපි කථා කලේ, අපි ගෝඨාභය ජනාධිපතිතුමාගෙන් බලාපොරොත්තු වුණේ මේ තියෙන ක්‍රමය වෙනස් කරලා, රටේ තියෙන අඩුපාඩුකම් ටික හදලා හැමෝටම සාමකාමීව, භයක් සැකක් නැතිව  ජීවත් වෙන්න පුලුවන්, හැමෝගෙම ආර්ථිකය ශක්තිමත් වෙන යුගයක් උදාවෙයි කියන බලාපොරොත්තුවෙන් තමයි අපි උදව් පදව් කලේ.

ඒ ඇරෙන්න ඇමතිකම් බලාගෙන, කොන්ත්‍රාත් බලාගෙන නෙමෙයි අපි වැඩ කලේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැමදාම වැඩ කරලා තියෙන්නේ පක්ෂයක් විදිහට රටක ජයග්‍රහණ ලබා ගැනීමේ අරමුණු වෙනුවෙන්.”

RECENT ARTICLES - SINHALA

මාතර සියලුම පාසල් වසා දැමේ

මාතර දිස්ත්‍රික්කයේ සියලුම පාසල් හෙට (05) සහ අනිද්දා (06) දෙදින වසා තැබීමට තීරණය කර තිබෙනවා. පවතින ආපදා තත්ත්වය හේතුවෙන් මෙම තීරණය ගෙන තිබෙන බවට වාර්තා...

දුම්රියේ ගැටී බේරුණු දරුවන් දෙදෙනෙක්

ත්‍රිරෝද රථයක් දුම්රියක ගැටීමෙන් සිදුවූ අනතුරකින් කුඩා දරුවන් දෙදෙනෙකුගේ දිවි බේරුණු ඇදහිය නොහැකි පුවතක් බේරුවල ප්‍රදේශයෙන් වාර්තා වෙනවා. බේරුවල මරක්කලවත්ත හේන පාර ප්‍රදේශයේදී මෙම අනතුර...

මාතර ප්‍රදේශ රැසකට නායයෑම් අනතුරු ඇඟවීම්

අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් මාතර දිස්ත්‍රික්කයේ කිරින්ද පුහුල්වැල්ල, වැලිගම, මාතර, අකුරැස්ස, වැලිපිටිය, හක්මණ ප්‍රදේශවලට පළමු මට්ටමේ නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා. ඉදිරි පැය...

POPULAR ARTICLES

නිපා වෛරසය ගැන සෞඛ්‍ය අමාත්‍යංශයෙන් දැනුම් දීමක්

නිපා වෛරසය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට වැඩි අවදානමක් නොමැති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළේ, ඉන්දියාවේ කේරළ...

උසස් පෙළ හා සාමාන්‍ය පෙළ සිසුන්ට දැනුම් දීමක්

උසස් පෙළ හා සාමාන්‍ය පෙළ අවසන් වූ වහාම එම සිසුන් සඳහා වෘත්තීය පුහුණු පාඨමාලා ආරම්භ කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති බව අධ්‍යාපන අමාත්‍ය...

රන් මිල පහළට

පසුගිය සතියට සාපේක්ෂව අද (02) රන් මිල පහළ වැටීමක් සිදු වී තිබෙන බවට වාර්තා වනවා. ඒ අනුව අද රන් මිල ගණන් වන්නේ, රන් අවුන්සය - රු.597,449.00 කැරට්...