30.5 C
Colombo
Tuesday, April 23, 2024

බලාගාර ගැන මෝදිගේ නම කියපු සිදුවීම නිසා ඉදිරි තෙල් සැපයුම කොට උඩ

- Advertisement -

ඉන්දියානු ණය ආධාර පදනම යටතේ මෙරටට ලැබීමට නියමිත අවසන් ඉන්ධන නැව ගොඩබෑමෙන් අනතුරුව එළැඹෙන 17 වනදායින් පසුව මෙරටට ඉන්ධන ලබාගැනීමට කිසිදු වැඩපිළිවෙලක් නොමැති බරපතල තත්ත්වයකට පත්ව ඇති බවට තොරතුරු වාර්තා වනවා.

ඒ පසුගියදා පැවති කෝප් කමිටු රැස්වීමේදී ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා වන එම්. එම්. සී ෆර්ඩිනැන්ඩු මහතා සිදුකළ ප්‍රකාශයත් සමඟයි.

එහිදී ඔහු සඳහන් කළේ ඉන්දීය ජනාධිපති නරේන්ද්‍ර මෝදි මහතා විසින් මන්නාරම සුළං විදුලි බලාගාරය අදානි සමාගමට ලබාදෙන ලෙස තමන්ට බලකර සිටින බවට ජනාධිපතිවරයා පැවසූ බවයි.

මෙම ප්‍රකාශයත් සමඟ ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර මිත්‍රත්වය මේ වන විට දෙදරා යන තත්ත්වයට පත්ව තිබෙනවා.

ඒ අනුව ඉන්දීය ණය ආධාර තවදුරටත් දීර්ඝ කර ගැනීමට මෙරට හා ඉන්දියාව අතර පසුගිය 12 වනදා පැවැත්වීමට තිබූ සාකච්ඡාවද අවලංගු කිරීමට ඉන්දීය බලධාරින් කටයුතු කර තිබුණා.

අදානි සමාගමද නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබුණේ ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කිරිමට බලාපොරාත්තු වන සුළං විදුලි බලාගාර ව්‍යාපෘතිය පිළිබඳව ඇති වී තිබෙන ආන්දෝලනය සම්බන්ධයෙන් තමන් කනස්සල්ලට පත්ව ඇති බවයි.

මේ අතර ඉන්ධන අඛණ්ඩව ලබාදීමට තීරණය කළත් එලෙස ඉන්ධන සැපයීමට හැක්කේ දැන් තිබෙන ඉල්ලුමෙන් 50%ක් සඳහා පමණක් බව විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ ()14) සඳහන් කළා.

ඒ අනුව දැනට තිබෙන ඉන්ධන තොග දින 7කට භාවිත කළ හැකි බවත් ඉන් පසු ඉන්දීය ණය ගිවිසුම අත්සන් කිරීමෙන් අනතුරුව තවත් මාස 4කට ප්‍රමාණවත් ඉන්ධන ශ්‍රී ලංකාවට ලැබෙන බවද අගමැතිවරයා මෙහිදී සඳහන් කළා.

මේ අතර හෙට (16) දිනයේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට හා ඉන්දීය අදානි සමාගමට විරෝධය පලකරමින් ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය ඉදිරිපිට පිරිසක් විරෝධතාවයක නිරතවීමට සූදානම්වී සිටිනවා.

මෙරටින් ඉන්දියාවට ලැබෙන සෘණාත්මක ප්‍රතිචාරත් සමඟ ඉන්දීය ණය ආධාරය තවදුරටත් දීර්ඝ කිරීමට ඉන්දියාව කටයුතු කරන්නේද යන්න අවිනිශ්චිත තත්ත්වයකට පත්ව තිබෙනවා.


RECENT ARTICLES - SINHALA

චීන කොමියුනිස්ට් පක්ෂයේ පිරිසක් අනුර හමුවට

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍යවරයා ඇතුළු දූත පිරිසක් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා හමු වී තිබෙනවා. අද (23) පෙරවරුවේ...

විවාදය ගැන සජිත් පාර්ශවයෙන් බව හැඟවෙන ව්‍යාජ ලිපියක්

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර පැවැත්වීමට යෝජිත විවාදයට ලබන මැයි මාස 7,...

ජාතික පාසල්වල ගුරු පුරප්පාඩු ගැන දැනුම් දීමක්

ජාතික පාසල්හි පවතින ගුරු පුරප්පාඩු සඳහා 2024.03.02 දිනැතිව පවත්වන ලද තරඟ විභාගයේ ප‍්‍රතිඵල අනුව බඳවා ගැනිමේ සම්මුඛ පරීක්ෂණ පැවැත්වීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනයක් නිකුත්...

POPULAR ARTICLES

C2 යි S1 ට කොතලාවලින් MBBS

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය උපාධිය සඳහා ගෙවීමේ පදනම මත සිසුන් බඳවා ගැනීම සඳහා අයදුම් පත් කැඳවා තිබෙනවා. ආරක්ෂක අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ,...

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

අද ඩොලරය

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306.45 ක් ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 297 ක් ලෙසයි. එමෙන්ම,...