25 C
Colombo
Thursday, January 16, 2025

පුංචි ඡන්දෙ නාමයෝජනා ගැන ආ ගැසට්ටුව

- Advertisement -

2023 මැතිවරණය සඳහා ඉදිරිපත් කරන ලද නාමයෝජනා අවලංගු කිරීමට සහ අලුතින් නාමයෝජනා කැඳවීමට හැකි වන පරිදි පළාත් පාලන ආයතන මැතිවරණ පනත සංශෝධනය කිරීම සඳහා වන කෙටුම්පත් ගැසට් කර තිබෙනවා.

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව කැඳවනු ලැබූ නාමයෝජනා අවලංගු කිරීම සඳහා වන පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් සංශෝධන පනත් කෙටුම්පත රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යවරයාගේ නියෝග පරිදි ප්‍රකාශයට පත්කර ඇති බවට වාර්තා වනවා.

එම පනත් කෙටුම්පතට අනුව පසුගිය 2023 වර්ෂයේ මාර්තු මස 9 වන දින පැවැත්වීමට දින නියම කරන ලද පළාත් පාලන ඡන්ද විමසීම සඳහා ඉදිරිපත්කරන ලද නාමයෝජනා පත්‍ර අවංගු වනු ඇති.

දේශපාලන පක්ෂයක් හෝ ස්වාධීන කණ්ඩායමක් විසින් නම් කරනු ලැබූ අපේක්ෂකයින් සම්බන්ධයෙන් සිදුකරනු ලැබූ තැන්පතු ආපසු ගෙවීමට ද මෙම පනත් කෙටුම්පත මඟින් දැනුම් දී තිබෙනවා.

අදාළ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගැනීමෙන් අනතුරුව පනත ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

ඒ අනුව මැතිවරණ කොමිශන් සභාව විසින් පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා නාමයෝජනා කැඳවීමේ දිනය ප්‍රකාශයට පත්කළ යුතු අතර එම දිනය පනත ක්‍රියාත්මක වීම ආරම්භ වන දින සිට මාස 3කට පෙර දිනයක් විය යුතු බව සඳහන්.

RECENT ARTICLES - SINHALA

නොච්චියාගම අනතුරකින් පාසල් සිසුන් දෙදෙනෙක් මරුට

නොච්චියාගම ගාලදිවුල්වැව ප්‍රදේශයේ අද (16) පස්වරුවේ සිදු වූ අනතුරකින් පාසල් සිසුන් දෙදෙනෙකු මියගොස් තිබෙනවා. යතුරුපැදියක් බස් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙන බව පොලිසිය පවසනවා. පොලිසිය...

Breaking: එක ගෙයි කන්න සාකච්ඡා

එක්සත් ජාතික පක්ෂය සමග එක්ව කටයුතු කිරීම සඳහා සාකච්ඡා කිරීමේ යෝජනාවට සමගි ජන බලවේගය කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව මෙම සාකච්ඡා සඳහා සමගි...

එකතුවෙනවා නම් වෙන්න ඕන හදවතින්

එක්සත් ජාතික පක්ෂය සහ සමඟි ජන බලවේගය එකතු වීම අවශ්‍යම දෙයක් වුවත් එය සිදුවිය යුත්තේ දෙපාර්ශවයේම ගෞරවය ආරක්ෂා වන පරිදි බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ...

POPULAR ARTICLES