24 C
Colombo
Sunday, January 19, 2025

රංවලගේ ඉල්ලා අස්වීමට අදාළ ගැසට්ටුව එළියට

- Advertisement -

අශෝක සපුමල් රන්වල මහතා කථානායක ධුරයෙන් ඉල්ලා අස්වීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.

ජනාධිපති ලේකම් ආචාර්ය එන්.එස්. කුමානායක මහතාගේ අත්සනින් යුක්තව නිකුත් කර ඇති ගැසට් නිවේදනයට අනුව දෙසැම්බර් මස 13 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි අශෝක රන්වල සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බව සඳහන්.

අශෝක රන්වල මහතාගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ කථානායක ධුරය සඳහා විපක්ෂයෙන් ද නමක් යෝජනා කිරීමට මේ වන විට තීරණය කර තිබෙනවා.

විපක්ෂයේ සියලු පක්ෂවල එකඟතාවයෙන් අදාළ යෝජනාව සිදුකිරීමට බලාපොරොත්තු වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළා.

ඊයේ (16) පස්වරුවේ පැවති පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් විපක්ෂ නායකවරයා මේ බව පැවසුවා.

මේ අතර ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම ද ඊයේ පස්වරුවේ රැස්වී නව කථානායකවරයා සම්බන්ධයෙන් අවසන් එකඟතාවයකට පැමිණ තිබෙනවා.

අද පාර්ලිමේන්තුව රැස්වීමෙන් අනතුරුව නව කථානායකවරයා පත්කිරීම සිදුකර ගන්නා බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළා.

RECENT ARTICLES - SINHALA

උතුරුමැද පළාතේ පාසල් ගැනත් විශේෂ දැනුම්දිමක්

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් හෙට (20) දිනයේ උතුරුමැද පළාතේ ද සියලුම පාසල් සඳහා නිවාඩු ලබාදි තිබෙනවා මේ බව උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍යාංශ ලේකම්තුමාගේ උපදෙස්...

අනුරපුර පොලොන්නරු යන අයට විශේෂ දැනුම්දිමක්

අයහපත් කාලගුණය හේතුවෙන් පොලොන්නරුව සහ අනුරාධපුරය දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයක මාර්ග අද (19) ජලයෙන් යටවීම හේතුවෙන් ගමනාගමනය අවහිර වී ඇති බව පොලිස් මූලස්ථානය පවසනවා. ඒ අනුව...

කෙඳිරි ගෑවොත් දීපු හැටත් අයින් කරනවා – අනුර

ජනතාවට පොරොන්දු වූ අයුරින්ම දූෂිත දේශපාලනය මුලිනුපුටා දැමීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. කළුතර කටුකුරුන්ද ප්‍රදේශයේ අද (19) පැවති ජන හමුවකට...

POPULAR ARTICLES