29.5 C
Colombo
Wednesday, July 9, 2025

රෝහල්ගත කර සිටි ජර්මන් කාන්තාවත් මරුට

- Advertisement -

කොල්ලුපිටියේ ලැගුම්හලක සිටියදී රෝගී වී රෝහල්ගත කළ අනෙක් කාන්තාව ද මියගොස් තිබෙනවා.

ඇය සමග සිට රෝගී වී රෝහල්ගත කළ එංගලන්ත කාන්තාවක ඊයේ (02) මිය ගිය අතර, සිද්ධිය සම්බන්ධයෙන් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට කොල්ලුපිටිය පොලිසිය අද (03) කරුණු වාර්තා කළා.

කොල්ලුපිටිය ආර්.ඒ. ද මැල් මාවතේ පිහිටි ලැගුම්හලක සිටියදී ඇති වූ හදිසි රෝගී තත්ත්වය හේතුවෙන් රෝහල්ගත කර සිටි 27 හැවිරිදි ජර්මන් ජාතික කාන්තාව ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඇය ඊයේ දින සිට කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ.

විදෙස් ජාතිකයෙකු සහ කාන්තාවන් දෙදෙනෙකු හදිසියේ රෝගී වීම හේතුවෙන් පසුගිය 01 වැනිදා රෝහල්ගත කර තිබුණා.

30 හැවිරිදි ජර්මාන් ජාතිකයෙක්, ඔහුගේ 27 හැවිරිදි බිරිඳ සහ 24 හැවිරිදි වියේ පසුවන තවත් එංගලන්ත ජාතික කාන්තාවක් ඒ අතර සිට තිබෙනවා.

කෙසේ වෙතත් ඔවුන් අතර සිටි සින්ටොෂ් ඊබොනි ලොයිස් නමැති එංගලන්ත ජාතික කාන්තාව රෝගී තත්ත්වය උත්සන්න වීම නිසා ජීවිතක්ෂයට පත්වුණා.

ඇගේ මෘත ශරීරය කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, ඇය සමග සිටි ජර්මන් කාන්තාව ද අද පස්වරුවේ ජීවිතක්ෂයට පත්වූ බව කොල්ලුපිටිය පොලිසිය සඳහන් කළා.

තත්ත්වය ද බරපතල බව රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළා.

ඔවුන් නවාතැන් ගත් කාමරයට යාබද කාමරය පසුගිය 30 වැනිදා ෆොස්ෆීන් වායුව යොදා ධූමකරණය කර ඇති අතර, කෘමීන් මර්දනය සඳහා භාවිතා කරන එම වායුව කාමරයකට ඉසීමෙන් පසු පැය 72ක් අදාළ ස්ථානය වසා තැබිය යුතු බව පොලිසිය සඳහන් කළා.

එම කාමරය වසා තැබීමට ලැගුම්හලේ සේවකයින් පියවර ගෙන තිබුණත් යම් හෙයකින් එය ආඝ්‍රාණය වීමෙන් විදෙස් ජාතිකයින් තිදෙනාට මෙම රෝගී තත්ත්වය හටගෙන ඇති බවට පොලිසිය සැක පළ කරනවා.

අදාළ විදෙස් ජාතිකයින් තිදෙනා ආහාර ගත් හෝටලය පරීක්ෂා කිරීමට ද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පියවර ගත්තා.

මෙම සිද්ධියට නිශ්චිත හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති අතර ආහාර විෂවීමකින් මෙම මරණය සිදුව ඇත්ද යන්න සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මකයි.

සිද්ධිය සම්බන්ධයෙන් ලැගුම්හලේ හිමිකරුගෙන් පොලිසිය ප්‍රකාශ සටහන් කරගෙන ඇති අතර අලුත්කඩේ අංක 02 වැඩබලන මහේස්ත්‍රාත්වරයා වෙතද කරුණු වාර්තා කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන වාර්තාවක් කොල්ලුපිටිය පොලිසිය කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කළා.

රජයේ රස පරීක්ෂක නිලධාරීන්ගේ පරීක්ෂණයෙන් අනතුරුව, අදාළ ලැගුම්හලේ රැඳී සිටීමේ යෝග්‍යතාව වාර්තා කර නිසි බලපත්‍රයක් ලබා ගැනීමෙන් පසු පමණක් විවෘත කරන ලෙස එහිදී කොටුව අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනී පතිරාජ මහත්මිය නියෝග කළා.

ඒ අනුව, එහි කළමනාකාරීත්වයට දැනුම් දුන්නේ එතෙක් ලැගුම්හල වසා තැබීමටයි.

මේ සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන ක්‍රියාත්මක අතර, මියගිය විදෙස් කාන්තාවගේ ඥාතීන් පැමිණ මෘත ශරීරය හඳුනා ගැනීමෙන් පසු පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිත බව පොලිසිය සඳහන් කළා.


RECENT ARTICLES - SINHALA

රාජාංගණයේ හිමි ගැන මානසික වෛද්‍ය වාර්තාවක් ගන්න නියෝගයක්

අශෝභන සහ අශිෂ්ඨ වචන භාවිතා නොකරන ලෙසට ඇප කොන්දේසියක් පනවා ඇති රාජාංගණයේ සද්ධාරථන හිමියන් "රාජාංගණයේ හාමුදුරුවෝ" යන යූ ටියුබ් නාලිකාවේ පළකර ඇති වීඩියෝ තුළින්...

අධ්‍යාපන සභාව පිහිටුවීම පිළිබඳ අනුකාරක සභාව ප්‍රථමවරට රැස්වෙලා

අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව විසින් පත්කරන ලද ‘අධ්‍යාපන සභාව’ පිහිටුවීම පිළිබඳ අනු කාරක සභාව ප්‍රථමවරට රැස්වුණා. ඒ...

වතුර පරිස්සමින් පාවිච්චි කරන්න

පවතින වියලි කාලගුණික තත්ත්ව හේතුවෙන් සෞඛ්‍යාරක්ෂිත පානීය ජලය හැකිතාක් දුරට අරපිරිමැස්මෙන් භාවිතා කරන ලෙස ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පාරිභෝගික ජනතාවගෙන් ඉතා කාරුණිකව...

POPULAR ARTICLES

රාජාංගණයේ හිමි ගැන මානසික වෛද්‍ය වාර්තාවක් ගන්න නියෝගයක්

අශෝභන සහ අශිෂ්ඨ වචන භාවිතා නොකරන ලෙසට ඇප කොන්දේසියක් පනවා ඇති රාජාංගණයේ සද්ධාරථන හිමියන් "රාජාංගණයේ හාමුදුරුවෝ" යන යූ ටියුබ් නාලිකාවේ පළකර ඇති වීඩියෝ තුළින්...

ඉන්දියාවේ පාලමක් කඩාවැටී පුද්ගලයින් දස දෙනෙකු ජීවිතක්ෂයට

ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ පාලමක් කඩාවැටීමෙන් පුද්ගලයින් දස දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. වසර 40ක් පැරණි මෙම පාලමෙහි කොටසක් කඩා වැටීමත් සමග ට්‍රක් රථ දෙකක්, මෝටර් රථයක්...

අධ්‍යාපන සභාව පිහිටුවීම පිළිබඳ අනුකාරක සභාව ප්‍රථමවරට රැස්වෙලා

අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව විසින් පත්කරන ලද ‘අධ්‍යාපන සභාව’ පිහිටුවීම පිළිබඳ අනු කාරක සභාව ප්‍රථමවරට රැස්වුණා. ඒ...