24 C
Colombo
Monday, December 11, 2023

අද උද්ඝෝෂණය වැළැක්වීමට ගෝල්ෆේස් පිටිය වසාදැමේ

- Advertisement -

ගාලු මුවදොර පිටියේ සංවර්ධන කටයුතු සිදුවන බැවින් සාමාන්‍ය ජනතාවට ගාලු මුවදොර පිටියට ඇතුළුවීම තහනම් කර ඇති බව වරාය අධිකාරිය නිවේදනය කරනවා.

මේ වන විට තාවකාලික වැටක් ඉදිකොට ගාලු මුවදොර පිටියට ඇතුළුවීම වළක්වා ඇති අතර අදාළ තහනම් නිවේදනය දැක්වෙන පුවරු තැන් තැන්වල ප්‍රදර්ශනය කර තිබෙනවා.

වරාය අධිකාරියේ සභාපති ආචාර්ය ප්‍රසන්ත ජයමාන්න මහතා පවසන්නේ ගාලුමුවදොර පිටිය යළි විවෘත කිරීමට තවත් මාස දෙකකට ආසන්න කාලයක් ගතවන බවයි.

ගාලු මුවදොරපිටියේ තණකොළ ගලවා එම නඩත්තු කටයුතු කරගෙන යන බවත් තණකොළවලට වතුර සැපයීමට අවශ්‍ය නල මාර්ග සකස් කරමින් යන බවත් ඒ මහතා සදහන් කරනවා.

එමෙන්ම ගාලු මුවදොරපිටියට පැමිණෙන ජනතාවට අවශ්‍ය කරන වැසිකිලි පහසුකම්ද මෙම හදිසි අලුත්වැඩියා කිරීම් අතර පවතිනවා.

වරාය අධිකාරියේ සභාපතිවරයා පවසන්නේ දැනට මාස 4 ක පටන් අදාළ අලුත්වැඩියා කිරීමේ කටයුතු සිදුකෙරෙමින් පවතින බවයි.

රටේ දැවැන්ත ආර්ථික අර්බුදයක් තිබෙන අවස්ථාවක ගාළු මුවදොර පිටියට තණකොල ඇල්ලීමට ආණ්ඩුවට මුදල් ඇතිදැයි සාමාන්‍ය ජනතාව ප්‍රශ්න කරනවා.

හදිසියේ ගාලු මුවදොර පිටිය වසාදැමීමට හේතුව අද (09) දිනයේ එම පිටියේ සංවිධානය කර ඇති දැවැන්ත විරෝධතාවය නිසා බව විරෝධතාකරුවන් සදහන් කරනවා.

කෙසේ වෙතත් කිසිදු වෙනස්කිරීමකින් තොරව එම විරෝධතාවය පවත්වන බවයි ඔවුන් සදහන් කරන්නේ.


RECENT ARTICLES - SINHALA

AI තාක්ෂණයට ඉතිහාසයේ වැඩිම මුදල අයවැයෙන් වෙන් කළා- ජනාධිපති රනිල්

කෘත්‍රීම බුද්ධිය හෙවත් AI තාක්ෂණය මෙරටට ගෙන ඒමට සහ විද්‍යාත්මක හා තාක්ෂණ පර්යේෂණ කටයුතු ඉදිරියට ගෙන යාම වෙනුවෙන් මෙරට ඉතිහාසයේ වෙන් කළ වැඩිම මුදල...

වැට් බදු සංශෝධන පනත් කෙටුම්පත යළි හෙට පාර්ලිමේන්තුවට

පාර්ලිමේන්තුවට අද (10) දින ඉදිරිපත් කර සම්මත කිරීමට නියමිතව තිබූ වැට් බදු පනත් සංශෝධන පනත් කෙටුම්පත යලි හෙට (11) දිනයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත...

පෙට්‍රල් සහ ඩීසල් වලටත් බඳු ගහනවා-රංජිත් සියඹලාපිටිය

පෙට්‍රල් සහ ඩීසල් සඳහා ද VAT නොහොත් එකතු කළ අගය මත බද්ද අය කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා. ඔහු මේ බව...

POPULAR ARTICLES

රට පුරා විදුලිය විසන්ධි වෙයි

මේ වන විට ලංකාව පුරා හදිසි විදුලිය බිඳ වැටීමක් සිදුව ඇති බව විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඉංජිනේරු නොයෙල් ප්‍රියන්න මහතා  පවසනවා. පද්ධතියේ ඇතිවී තිබෙන දෝෂයක්...

අර්ජුනගෙන් අලුත් සන්ධානයක්

දූෂිතයින්ගෙන් සහ වංචාකාරීන්ගෙන් තොර නව සන්ධානයක් බිහි කරන බව ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු ක්‍රිකට් නායකයෙකු වන අර්ජුන රණතුංග පවසනවා. ඔහු මේ බව කියා සිටියේ, අස්ගිරි...

රාජ්‍ය සේවකයින්ට විශේෂ අත්තිකාරම් මුදලක්

ලබන වසර සඳහා රාජ්‍ය නිලධාරීන්ට විශේෂ අත්තිකාරම් මුදලක් ලබාදීමට රජය තීරණය කර තිබෙනවා. රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේ, ඒ අනුව රුපියල් 4,000ක...