33 C
Colombo
Saturday, April 20, 2024

අරගලයට නව ජවයක් දෙන්න අපිත් ගෝල්ෆේස් එනවා – JVP

- Advertisement -

ආණ්ඩුවට එරෙහිව ගාලුමුවදොර පිටියේ පැවැත්වෙමින් තිබෙන ජන අරගලයට නව ජවයක් ලබාදීමට සූදානම් බව ජාතික ජනබලවේගය පවසනවා.

ඒ අනුව මේ මස 17 වනදා කළුතර දිස්ත්‍රික්කයේ බේරුවල සිට කොළඹ ගාලුමුවදොර පිටිය දක්වා ජන පාගමනක් සංවිධාන කර ඇති බවයි ඔවුන් පවසන්නේ.

ඒ, එම පක්ෂය අද පැවැත්වූ මාධ්‍ය හමුවකදී.

මෙහිදී අදහස් දැක්වූ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා,

“මේ අරගලය විවිධ ආකාරයෙන් මොට කරන්න ආණ්ඩුව උත්සාහ ගනිමින් ඉන්නවා. මුලින් මේක ගණන් ගත්තේ නෑ. පස්සේ බිය කරන්න උත්සාහ කළා. ඊටත් පස්සේ මඩ ගහන්න පටන් ගත්තා.

ආයේ ජාතිවාදය පටලවන්න උත්සාහ කළා. දැන් ලෑස්ති වෙනවා සාකච්ඡා කරන්න. මේ අරගලයේ නියැලෙන කා එක්කවත් ආණ්ඩුවට සාකච්ඡා කරගන්න පුළුවන් දෙයක් නෑ. මේ සටන් බිමේ ඉන්නේ අවංකව අරගලයට ආපු මිනිස්සු.

ජනාධිපතිවරයා ඉවත් වෙනතුරු මොනම හේතුවක් නිසාවත් මේ අරගලය අපි නතර කරන්නේ නෑ.. නතර වෙන්න ඉඩ දෙන්නෙත් නෑ. අපි ජාතික ජන බලවේගය ලෙස මේ සටනට නව ජවයක් දෙනවා.

නිර්දේශපාලනික අරගල තියෙන්න විදිහක් නෑ. ප්‍රශ්නය දේශපාලනිකයි.. උත්තරයත් දේශපාලනිකයි. ඒ නිසා අරගලයත් දේශපාලනිකයි.”

RECENT ARTICLES - SINHALA

මිලියන 45 ක් නාස්ති කර පාස්කු ගැන තවත් විවාදයක්

පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳව පැවැත්වීමට නියමිත දින තුනක පාර්ලිමේන්තු විවාදය සඳහා රුපියල් මිලියන 45ක්  පමණ වැය වනු ඇති බවට පුවතක් ‘ඩේලි මිරර්’ වාර්තා කරනවා. මෙය...

ලොරි රථයකට යටවී කාන්තාවක් මරුට

නිට්ටඹුව, වතුපිටිවල ප්‍රදේශයේ‍දී යතුරුපැදියක ගමන් කළ කාන්තාවකගේ අත්බෑගයක් ලොරි රථයක බඳේ පැටලීමෙන් සිදුවු අනතුරකින් එම කාන්තාව මියගොස් තිබෙනවා. පොලීසිය පැවසුවේ, අත්බෑගය ලොරි රථයේ බඳෙහි...

විදුලිය හා ඉන්ධන අත්‍යවශ්‍ය සේවා කරමින් ගැසට් නිවේදනයක්

විදුලිය සැපයීමට හෝ ඛනිජ තෙල් නිෂ්පාදනය හා ඉන්ධන බෙදා හැරීමට සම්බන්ධ සියලුම සේවාවන් අත්‍යාවශ්‍ය සේවා ලෙස ප්‍රකාශයට පත් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම් දීමක්

2023 /24 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ලබන සතියේ ආරම්භ කරන බව විභාග...

ඊශ්‍රායලයෙන් ඉවත් වෙන්නැයි ඕස්ට්‍රේලියානුවන්ට නිවේදනයක්

ඉරානය වෙත ඊශ්‍රායලය ප්‍රහාර මාලාවක් දියත් කිරීමත් සමඟ ඊශ්‍රායලයේ වෙසෙන සිය වැසියන්ට එරටින් ඉවත් වෙන ලෙස ඕස්ට්‍රේලියාව අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා. ඊශ්‍රාලයෙන් ඉවත් වීම...

අද ඩොලරය

ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයේ අගයට සාපේක්ෂව අද (17) දිනයේ ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමණය වී තිබෙනවා. ඒ අනුව, අද...