32 C
Colombo
Friday, April 19, 2024

අහෝ චමුදිත නොදුටු පාටිය

- Advertisement -

කම්මැලිවීරගේ තීරු ලිපි

ගතවූ මැයි මාසය තුල කොරෝනා මරණ 798ක් වාර්තා වී ඇත. ඒ මාසය තුලදී එතෙක් මෙතෙක් වාර්තා වූ ඉහළම ආසාදිතයන් ගණන වාර්තා කරමින් 70,000 ඉක්මවූ රෝගීන් ප්‍රමාණයක් හමුවී ඇත.

කොරෝනා පාලනයට නිරෝධායන නීති අනුගමනය අතිශයින් වැදගත් බව අමුතුවෙන් ඔබට කියන්නට අවශ්‍ය නැත. මේ රට මෙපමණකට රැකී ඇත්තේද අසංවේදී සුළුතරයක් අතරේ සංවේදී බහුතරයක් ජීවත්වන නිසාමය.

පසුගිය 31 රෑ චමුදිත පොලිස් මාධ්‍ය ප්‍රකාශක සමඟ වාද කරගන්නා ආකාරය දුටුවෙමි. සුන්දරය. සිවිල් වැසියෙක්, මාධ්‍යවේදියෙක් නියෝජ්‍ය පොලිස්පතිවරයෙක්ට කතා කිරීමටවත් ඉඩනොදී හරඹ කරන අයුරු සැබෙවින්ම සුන්දරය.

නමුත් ගැටළුව වන්නේ ඇතැම් දේශපාලඥයන්ට සහ ඔවුන්ගේ අනුගාමිකයන්ට මෙන්ම ඇතැම් මාධ්‍යවේදීන්ටද ‘අමතකවීමේ රෝගය’ වැළඳී ඇති බව පෙනීමට තිබීමය.

චමුදිතට අමතක වුවද 2020 වසරේ අප්‍රේල් 07 වන දින ඔබට මතක ඇත.

රට පුරා ඇඳිරි නීති තත්ත්වයක් රජය විසින් ප්‍රකාශයට පත් කර තිබුණු තත්වයක තලංගම Life Studio හිදී අලුත් අවුරුදු සමයට සමගාමීව 150ක පමණ පිරිසකගේ සහභාගිත්වයෙන් පටිගත කළ හිරු අවුරුදු උත්සවය ගැන පසුවදාම රටේ පුවත්පත්වල මෙන්ම සමාජමාධ්‍යවල රූපදර්ශන සහිතවම වාර්තා කළ අයුරු ඔබට මතක ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මාධ්‍යවේදී දර්ශන හඳුන්ගොඩ මහතා පවසා සිටියේ සාමාන්‍ය නීතිය කිසිවිටෙකත් හිරු අධ්පතිවරයාට වැනි පුද්ගලයින්ට බලනොපාන බවයි. සිය ජීවිකාව පවත්වාගෙන යාම මේ වන විට ගැටළුවක් වී ඇති නළු නිලියන් හිරු අධිපතිවරයාගේ ආරාධනාව ඉවත දැමිය නොහැකි තත්ත්වයක සිටින නිසා මෙම ආරාධනාව පිළිගන්නට ඇති බව ඔහු පවසා සිටියා.

එමෙන්ම, මේ සම්බන්ධයෙන් වාර්තා කරමින් රාවය පුවත්පත වෙනුවෙන් රසික ගුණවර්ධන විසින් තලංගම පොලිස් ස්ථානාධිපතිවරයා සමග සිදු කළ සංවාදය පහත දැක්වේ.

රාවය – ඊයේ හිරු ටීවී එකේ තලංගම Life Studio එකේ පෝග්‍රෑම් එකක් කරල තියෙනවා. 150ක පමණ පිරිසක් රැස් කරලා. ඒ ගැන ඔබ දැනුවත්ද?

තලංගම පොලිස් ස්ථානාධිපති – එහෙම එකක් නෑ. අපි කතා කරල බැලුවා. ගිය අවුරුද්දේ එකක්ලු. එයාලා නැවත විකාශනයක්….

රාවය – නෑ… නෑ… ඊයෙ ඔබතුමන්ලාට දැනුම් දුන්නට පස්සේ ඔබතුමන්ලා ගිහින් තියෙනවා ඒක බලන්න.

තලංගම පොලිස් ස්ථානාධිපති – අපේ කට්ටිය බලන්න ගියා. සහන යාත්‍රා වැඩසටහනේ කට්ටිය තමයි එතන ඉඳල තියෙන්නෙ. නමුත් රෙකෝඩින්වලට ඒ හතර පස්දෙනා හැරුණු කොට වැඩි පිරිසක් ගෙනල්ල නෑ.

රාවය – අපට කතා කරපු රංගන ශිල්පිනියක් කීවා එයා ගියා කියලා.

තලංගම පොලිස් ස්ථානාධිපති – දෙන්නෙක් තුන්දෙනෙක් යන්න ඇති.

රාවය -හරි එහෙනම් ඒ ගිය දෙන්න තුන්දෙනා ඇඳිරි නීති බලපත්‍ර අරගෙනද තියෙන්නෙ?

තලංගම පොලිස් ස්ථානාධිපති – ඔව්. ඒ අය ඇඳිරි නීති බලපත්‍ර අදාළ තැන්වලින් අරන් ආපු කට්ටිය.

රාවය – කුමන පදනමක් යටතේද ඒ ඇඳිරි නීිති බලපත්‍ර ලබාගෙන තියෙන්නේ?

තලංගම පොලිස් ස්ථානාධිපති – මම දන්නෑ…. මම හිටියෙ නෑනෙ.

රාවය – ඔබතුමා පොලිස් ස්ථානාධිපති විදිහට ඒවා පරීක්ෂා කරන වගකීමක් නැද්ද?

තලංගම පොලිස් ස්ථානාධිපති – ඒ වැඬේ විතරක් තියනව නම් පරීක්ෂා කරන්න පුළුවන්.

රාවය – එතන පරීක්ෂණයට සහභාගි වුණු නිලධාරීන් කවුද?

තලංගම පොලිස් ස්ථානාධිපති – ඔබතුමා මාධ්‍ය ප්‍රකාශකතුමා හරහා එන්න. මම උත්තර දෙන්න.

රාවය – ඔබතුමා මේ ගැන මාධ්‍ය ප්‍රකාශකතුමාට දැනුම්දීල නෑනෙ.

තලංගම පොලිස් ස්ථානාධිපති – මේක දැනුම්දිය යුතු සිද්ධියක් නෙමේ.

‘රාවය’ පුවත්පත මේ පිළිබඳව හිරු මාධ්‍ය ආයතනයේ එවකට සාමාන්‍යාධිකාරී සුදේව හෙට්ටිආරච්චි සමග සිදුකළ සංවාදය පහත පරිදි වේ.

රාවය – හිරු එකෙන් ඊයෙ තලංගම Life Studio එක 120ක පමණ පිරිසකගේ සහභාගිත්වයෙන් රෙකෝඩින් එකක් කරල තියෙනව කියල අපට දැනගන්න ලැබුණා.

සුදේව හෙට්ටිආරච්චි – කොහෙන්ද දැනගන්න ලැබුණේ?

රාවය – අපට අපේ මූලාශ හෙළි කළ නොහැකියි.

සුදේව හෙට්ටිආරච්චි – ඔය සෝෂල් මීඩියානෙ ගහල තියෙන්නෙ.

රාවය – නෑ. අපට තොරතුරු දෙන කෙනෙක් කතා කරල කීවා. ඒකයි අපි ඔබතුමාට කතා කරල බැලුවෙ.

සුදේව හෙට්ටිආරච්චි – ඕක සෝෂල් මීඩියාවල තමයි හැමතැනම ගහල තියෙන්නෙ ගොසිප් එකක් විදිහට. ඇත්ත කියල හිතන්න බෑනෙ.

රාවය – තලංගම ඕඅයිසී මහත්තයා කීවා ඔවුන් එතනට ගිහිල්ල බැලුව කියලා.

සුදේව හෙට්ටිආරච්චි – බැලුව නම් එයාල අත්අඩංගුවට ගන්න ඕනෑනෙ.

රාවය – ඔබතුමා කියන්නෙ එහෙම වැඩක් වුණේ නැද්ද?

සුදේව හෙට්ටිආරච්චි – මට කියන්න තියෙන්නෙ සෝෂල් මීඩියා කියන හැමදේම ඔයාලා ඇත්ත කියල විශ්වාස කරනවද?

රාවය – සෝෂල් මීඩියාවලින් නෙමෙයි අපි මේක ගත්තෙ. ඔබතුමාට කීවනෙ.

සුදේව හෙට්ටිආරච්චි – ඒක තහවුරු නම් ඔයගොල්ලො බලන්න.

රාවය – ඔබතුමා කියන්නෙ එහෙම පටිගත කිරීමක් සිද්ධ වුණේ නැද්ද?

සුදේව හෙට්ටිආරච්චි – මට ඔයාට කියන්න තියෙන්නෙ එච්චර තමයි. සෝෂල් මීඩියාවල තියෙන්නෙ ඇත්ත නෙමේනෙ.

මෙවැනි කටයුතු රටේ කොරෝනා ව්‍යාප්තිය උත්සන්න වීමට බලපෑ හැකි ආකාරය ගැන රාවය කළ පූර්වෝකථනය පහතින් දැක්වේ. එය මේ වන විට උදා වී ඇත්දැයි ඔබම සිතා බැලිය යුතු වේ.

“මෙම සිදුවීම බරපතළ කාරණයක් වන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානය මෙන්ම මෙරට රජය කොරෝනා වසංගතය පාලනයට ලබාදී තිබෙන අත්‍යවශ්‍ය උපදෙස් පිළිබඳව විමසා බැලීමේදීය. ඇතැම් විට ලංකාවට ඊළඟට මුහුණ දීමට සිදුවනු ඇත්තේ 3(a) තත්ත්වයෙන් එනම් නිවෙස් තුළින් කොරෝනා ආසාදිතයන් හමුවන තත්ත්වයේ සිට 3(b) තත්ත්වයට එනම් ප්‍රජාව තුළින් පොකුරු වශයෙන් ආසාදිතයන් හමුවන තත්ත්වයටය. එබැවින් ජනතාව හැකි තරම් ගෘහස්තව වාසය කළ යුතු අවධියකට අවතීර්ණව සිටින බව අවවාදිත කරුණකි. එවැනි පසුබිමක සාමූහික ක්‍රියාකාරකම් කෙසේවත් අනුමත කළ නොහැකිය.

එම උපදෙස් හා නීති සෑම පුරවැසියෙකුටම හා ආයතනයකටම පොදු වන බැවින් මෙවැනි වගකීම් විරහිත ක්‍රියා පිළිබඳව නීතිය තදින් ක්‍රියාත්මක විය යුතුය. එසේ නොවන්නේ නම් ඒ මන්ද යන්න පිළිබඳවත් විමසා බැලිය යුතුය.”

සටහන සාරාංශගත කරමින් අපට සඳහන් කිරීමට ඇත්තේ මෙපමණකි. රටේ දේශපාලන බලාධිකරයේ සිට ජනමාධ්‍යවේදියා දක්වා රාජ්‍යසේවකයන්ව දඬුකඳේ ගැසීමට සූදානමෙන් සිටීම සුභදායීපිළිවෙතක් නොවන අතර, පොලිසිය හෝ යම් ආයතනයකට තමන්ගේ රාජකාරිය නිසිපරිදි ඉටු කිරීමට ඉඩ නොදෙන බලපෑම් කණ්ඩායම් දෙසට රටේම ඇස් යොමු විය යුතු බවට අප තරයේ විශ්වාස කරයි.

චමුදිත, කාගේ කාගේත් කිල්ලෝට වල හුණු ඇත.

-පබසරා කම්මැලිවීර-

පසු සටහන

The Good, the Bad and the Ugly චිත්‍රපටයේ එන දෙබසක කොටසක් මෙරට සියළු ජනතාවට අදාල බව හැඟේ,
“There are two kinds of people in the world those with guns and those that dig. You dig?”

Rewind Review: 'The Good, the Bad and the Ugly' mixes Western adventure  with filmmaking brilliance | Culture | dailynebraskan.com

RECENT ARTICLES - SINHALA

මුහුද මැදදී මගී බෝට්ටුවක දරුවෙකු ප්‍රසූත කරයි

යාපනය නාගදීපය ප්‍රදේශයේ දී ප්‍රසව වේදනාවෙන් සිටි මවක් රෝහලට මුහුදු මාර්ගයෙන් රැගෙන යමින් සිටිය දී මගී යාත්‍රාවක් තුල දී බිළිඳෙකු ප්‍රසූත කර ඇති බවට...

රැග් එක නවත්තන්න ‘මෛත්‍රී’ මාසයක්

විශ්ව විද්‍යාලවල නවක වදය අඩුකිරීම සඳහා වෙසක් සමයේදී මෛත්‍රී මාසය යන තේමාව යටතේ නවකවද විරෝධී වැඩසටහනක් ආරම්භ කීරීමට උසස් අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. උසස්...

කන්ටේනර් අනතුරෙන් හතරක් රෝහලට

අම්පාර සිට වැලිමඩට හාල් තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ කන්ටේනර් ටැංකියක් සහිතව ධාවනය වූ විශාල ලොරි රථයක් අද (19) බදුල්ල නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ වේල්ලවෙල හන්දිය...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම් දීමක්

2023 /24 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ලබන සතියේ ආරම්භ කරන බව විභාග...

අද ඩොලරය

ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයේ අගයට සාපේක්ෂව අද (17) දිනයේ ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමණය වී තිබෙනවා. ඒ අනුව, අද...

අද ඩොලරය

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (15) ස්ථාවර මට්ටමක පවතිනවා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික...