රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවට අයත් වර්ෂ 1949 දී ඇරඹුනු රජයේ චිත්‍රපට සංරක්ෂණාගාරය සහ ඓතිහාසික වටිනාකමක් සහිත වාර්තා චිත්‍රපට රාශියක් සංරක්ෂණය කර ඒවා මේ වන විට ඩිජිටල් මාධ්‍යයට ද පරිවර්තනය කරන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා.
එම සංරක්ෂණාගාරය, වසර 40 ක් පමණ පැරණි, අබලන් වූ ගොඩනැගිල්ලක මෙතෙක් පැවතුනු අතර එම ගොඩනැගිල්ලේ සියලු අඩුපාඩු සම්පූර්ණ කර නවීකරණය කෙරෙමින් පවතින අතර එම කටයුතු මාසයක් තුල නිමවනු ඇති.
තවද 1950 දී ඉතාලි ජාතික ප්‍රධානියෙකු යටතේ ඇරඹී මහා ගොවිජනපද ව්‍යාපාරවල සංවර්ධනයට පවා ප්‍රචාරක කේෂ්ත්‍රයේ ඉමහත් මෙහෙයක් කළ රජයේ චිත්‍රපට අංශය රුපියල් මිලියන 50ක වියදමෙන් මිලදී ගන්නා නවීන උපකරණවලින් මේ වසර තුළ ශක්තිමත් වීමටද නියමිත බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පෙන්වා දෙනවා.
ඒ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ සමස්ත ගොඩනැගිලි පද්ධතිය සම්පූර්ණ අලුත්වැඩියාවකට ලක්වන අතරතුරයි.