මත්පැන් අලෙවි සැල් විවෘත කළේ රජය විසින් ඊට අවසර ලබාදුන් නිසා බව වරාය සහ නාවික අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පවසනවා.
අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර සිටියේ ඊයේ (18) දින කළුතරදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
රජයේ අවසරයකින් තොරව මත්පැන් අලෙවිසැල් විවෘත කළ නොහැකි බවත් ගම්වල නීති විරෝධීව නිෂ්පාදනය කරන සෞඛ්‍යට අවදානම් සහගත මත්පැන් බොහෝ දෙනා මිලදී ගනිමින් සිටින බැවින් මෙලෙස සුරාසැල් විවෘත කිරීමට කටයුතු කෙරුණ බවත් අමාත්‍යවරයා පෙන්වා දෙනවා.
“දෙයිහාමුදුරුවනේ සල්ලි නෑ සල්ලි නෑ කිව්වට බලන්න එපැයි බාර් ගාවට ගියාම. දැන් අපිට කියනවා 2000 නෙවෙයි 5000ක් දෙන්න කන්න නෑ කියලා. බාර් ටික ඇරියම මගෙ අම්මේ කිලෝමීටර් 1.5ක් විතර තිබ්බා පෝලිම” යැයි ඒ මහතා පවසයි.