26.7 C
Colombo
Saturday, June 14, 2025

ලයිට් බිල වැඩි කිරීම ජනවරම පාගා දැමීමක් – සජිත්

- Advertisement -

රජය විසින් විදුලි ගාස්තු වැඩි කිරීමට පියවර ගෙන ඇත්තේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මීළඟ වාරිකය ලබා ගැනීමට බවත් මෙම විදුලි ගාස්තු සංශෝධනය වත්මන් රජයට ලබා දුන් ජනවරම පාගා දැමීමක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

අද (11) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි 2025 වසරේ දෙවන අර්ධය සඳහා විදුලි ගාස්තුව සමස්තයක් ලෙස 15%කින් ඉහළ දමන බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම නිවේදනය කළා.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් සජිත් ප්‍රේමදාස මහතා පවසා සිටියේ, එය ජනතාවගේ හඬට ඇහුම්කන් නොදීමක් , මේ රටේ ජනතාව රැවටීමක් හැටියට තමා දකින බවයි.

එමෙන්ම, මෙලෙස විදුලි ගාස්තු ඉහළ දැමීම තුළින් ජනාධිපතිවරයා ජනාධිපතිවරණය පැවැත්වීමට පෙර ජනතාව හමුවේ දුන් පොරොන්දුවලට පිටුපා ඇති බවද සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

“ජනාධිපතිවරණයේදී මැතිවරණ වේදිකාවක් පාසා අනුර කුමාර දිසානායක මහතා 9000ක බිල 6000 කරනවා කිව්වා, 3000 බිල 2000 කරනවා කිව්වා. 33%කින් විදුලි ගාස්තු අඩු කරනවා කිව්වා, මහ මැතිවරණයේදී ඓතිහාසික ජයක් ලබා ගෙන රජය කළ යුතුව තිබුණේ 33%කින් විදුලි බිල අඩුකිරීම, නමුත් මේ මොහොතේ රටේ ජනතාවට කළ ප්‍රකාශ අමු අමුවේ උල්ලංඝණය කරලා ජනාධිපතිවරයාම කරපු ප්‍රකාශ බොරු බවට පත් කිරීමෙන් මේ රටේ විදුලි පාරිභෝගික ජනතාවගේ අයිතීන් අමු අමුවේ උල්ලංඝණය කිරීමක්”

RECENT ARTICLES - SINHALA

තමිල්නාඩු – කන්කසන්තුරේ බෝට්ටු සේවාව තාවකාලිකව නවතයි

ඉන්දියාවේ තමිල්නාඩු හි නාගපට්ටිනම් සහ ශ්‍රී ලංකාවේ කන්කසන්තුරේ අතර මගී ප්‍රවාහන බෝට්ටු සේවය තාවකාලිකව නවතා තිබෙනවා. ඒ මුහුදු ප්‍රදේශවල පවතින අයහපත් කාගුණ තත්ත්වය සැලකිල්ලට ගනිමින්. ඉන්දීය...

“මම මුලින්ම කරේ ලොකු පුටුව අයින් කරපු එක” – ලාල් කාන්ත

තමා අමාත්‍යාංශයට ගොස් සිදු කළ පළමු කාර්යය වූයේ අමාත්‍යවරයාට වෙන් කොට තිබූ “ලොකු පුටුව”ඉවත් කිරීම බව කෘෂිකර්ම, වාරිමාර්ග, පශු සම්පත් අමාත්‍ය කේ.ඩි. ලාල් කාන්ත...

බලන්ගොඩ පාසල් සිසුවාගේ මිය යෑම ගැන පරීක්ෂණයක්

බලංගොඩ රජවක මහ විදුහලේ  ගසක අත්තක් කඩා වැටීමෙන් සිසුවකු මිය යෑම සම්බන්ධයෙන් මූලික විමර්ශනයක් සිදු කර සතියක් තුළ වාර්තාවක් ලබාදෙන ලෙස අධ්‍යාපන සහ උසස්...

POPULAR ARTICLES