32 C
Colombo
Friday, April 19, 2024

ආණ්ඩුවට තව කල් තියෙනවා..!

- Advertisement -

වත්මන් ගැටළු විසඳීමට රජයට තවත් කාලය ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා පවසනවා.

ඒ, අද (31) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ දී පැවති මාධ්‍ය හමුව අමතමින්.

එම කාලය භාවිතයට ගෙන ඉක්මණින් පවතින ප්‍රශ්න විසඳිය යුතුව ඇති බවයි ඔහු පවසන්නේ.

සර්ව පාක්ෂික සමුළුව පැවැත්වීම, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යාම, සංචාරක කර්මාන්තය සම්බන්ධයෙන් අවධානය යොමු කිරීම වැනි කාරණ ඔස්සේ පවතින ඩොලර් ප්‍රශ්නය ඇතුළු අර්බුද විසඳා ගැනීමට මුල පුර ඇති බවයි මන්ත්‍රීවරයා පවසන්නේ.

ජනතාවගෙන් ආණ්ඩුවට එල්ල වෙමින් තිබෙන විරෝධය සදාකාලික විරෝධයක් නොවන අතර එම ප්‍රශ්න විසදුණු පසු එම විරෝධයද අවසන් වන අතර පවතින තත්ත්වය අනුව කවුරු බලයට ආවද දවසින් දෙකෙන් මේ ප්‍රශ්න විසඳිය නොහැකි බවත් ඔහු පවසනවා.

මේ මොහොතේ ජාත්‍යන්තර සහය ගත්තද කිසිම ආකාරයක රටේ සම්පත් විකුණන තැනක ආණ්ඩුව නොමැති බවත් එවන් ආණ්ඩුවක් තමන් වැනි අයද නොසිටින බවත් ඔහු වැඩිදුරටත් පවසනවා.


RECENT ARTICLES - SINHALA

මුහුද මැදදී මගී බෝට්ටුවක දරුවෙකු ප්‍රසූත කරයි

යාපනය නාගදීපය ප්‍රදේශයේ දී ප්‍රසව වේදනාවෙන් සිටි මවක් රෝහලට මුහුදු මාර්ගයෙන් රැගෙන යමින් සිටිය දී මගී යාත්‍රාවක් තුල දී බිළිඳෙකු ප්‍රසූත කර ඇති බවට...

රැග් එක නවත්තන්න ‘මෛත්‍රී’ මාසයක්

විශ්ව විද්‍යාලවල නවක වදය අඩුකිරීම සඳහා වෙසක් සමයේදී මෛත්‍රී මාසය යන තේමාව යටතේ නවකවද විරෝධී වැඩසටහනක් ආරම්භ කීරීමට උසස් අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. උසස්...

කන්ටේනර් අනතුරෙන් හතරක් රෝහලට

අම්පාර සිට වැලිමඩට හාල් තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ කන්ටේනර් ටැංකියක් සහිතව ධාවනය වූ විශාල ලොරි රථයක් අද (19) බදුල්ල නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ වේල්ලවෙල හන්දිය...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම් දීමක්

2023 /24 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ලබන සතියේ ආරම්භ කරන බව විභාග...

අද ඩොලරය

ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයේ අගයට සාපේක්ෂව අද (17) දිනයේ ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමණය වී තිබෙනවා. ඒ අනුව, අද...

අද ඩොලරය

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (15) ස්ථාවර මට්ටමක පවතිනවා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික...