25 C
Colombo
Saturday, March 25, 2023

සීනි බදු සිද්ධියෙන් රජයට කිසිම පාඩුවක් නෑ – ආටිගල

- Advertisement -

ආනයනික සීනි සඳහා බදු අඩු කිරීම තුළින් රජයට කිසිදු පාඩුවක් සිදුව නොමැති බව මුදල් අමාත්‍යාංශය පවසයි.

මුදල් අමාත්‍යාංශ ලේකම් එස්.ආර් ආටිගල මහතා පෙන්වාදෙන්නේ සීනි සඳහා පනවා තිබූ ආනයනික බදු අඩු කිරීමේ වාසිය මේ වන විට ජනතාවට ලැබී ඇති බවයි.

මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා,

“කාටහරි ගණනය කරන්න පුළුවන් ඔක්තෝබර් 13 ඉදලා පෙබරවාරි මාසයේ 10ට ආනයනය කරපු සීනි ප්‍රමාණයේ යම්කිසි ගානක් තියෙනවා. ඒකට රු 49.75 කිලෝවකට අපිට ලැබෙන්නේ නෑ ආදයම. ඒකෙන් කියන්නේ නෑ ආදායම් ලොස් එකක් කියලා. ඒක තමයි ප්‍රතිපත්තිය. ඒ අනුව රු බි 15.9ක් හැබැයි පෙබරවාරි 10 ඉදලා මාර්තු 10ප වෙනකොට තවත් මෙට්‍රික් ටොන් 60,000ක් ගෙනාවා. එතකොට පාඩුව අර රු 49.75 වැඩි කිරීම 60ත් එකතු කරන්න ඕනේ. ඒ කියන එක්කෙනා මේක ශත 25ට තිබුණානම් එදා වෙනකල්ම පාඩුයි. හැබැයි එදා අපි ඔක්තෝබර් 13 සීනි ශත 25 කරන කොට සිල්ලර මිල තිබුණේ රු 135 -140ට. එදා TIF අගය කියන එක රු 72ක්. බදු එක්ක එකතු වුණාම රු 121ක් වුණා. TIF අගය අද වෙනකොට රු 90ක්. ඒ ප්‍රතිලාභය ක්‍රමානකූලව ජනතාවට ඇවිල්ලා තියෙනවා. ඒක තේරුම් ගන්නේ නැති එක්කෙනා තමයි කියන්නේ මේක ලොස් කියලා.“

ආනයනික සීනි කිලෝග්‍රෑම් එකක් සඳහා රුපියල් 50 ක්ව පැවති බද්ද පසුගිය වසරේ ඔක්තෝබර් 13 වන දින සිට ශත 25 දක්වා අඩු කිරීමට රජය පියවර ගන්න ලදි.

අදාළ බදු අඩු කිරීම තුළින් රුපියල් බිලියන 15 යි දශම 9 ක අලාභයක් රජයට සිදුවී ඇති බවට මේ වන විට විවිධ පාර්ශව විසින් චෝදනා කර සිටියි.

අදාළ චෝදනාව සිදුකරමින් ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා අද (12) දිනයේ ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්ද ගොනුකරනු ලැබීය.

RECENT ARTICLES - SINHALA

පොලිස්පතිට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නියෝග

0
පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතාට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නියෝගයක් නිකුත් කර තිබෙනවා. ඒ පොලිස් අත්අඩංගුවට පසුවන සැකකරුවන්...

චීනයෙන් තවදුරටත් ණය ගැනීම සිදු නොකළ කළ යුතුයි – ඉන්ද්‍රජිත් කුමාරස්වාමි

0
ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයෙන් මිදීමට නම් තවදුරටත් චීනයෙන් ණය ලබා ගැනීම සිදු නොකළ යුතු බව හිටපු මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි...

මහ බැංකු අධිපතිට ශ්‍රේෂ්ඨාධිකරණය විනිසුරුවන්ගෙන් ස්තුතිය

0
මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාට ශ්‍රේෂ්ඨාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් ඊයේ (24) දිනයේ ස්තුතිය පළකර තිබෙනවා. ඒ...

RECENT ARTICLES - ENGLISH

‘Prophet’ Uebert Angel involved in gold smuggling scheme

0
One of Zimbabwe’s most influential diplomats, Uebert Angel, offered to use his status to launder millions of dollars through a gold-smuggling scheme,...

IMF agreement: President hasn’t tabled Letter of Intend, alleges Harsha

0
SJB MP Dr. Harsha de Silva alleged President Ranil Wickremesinghe has not tabled the Letter of Intent with regard to the IMF...

Andrew Tate to spend another month behind bars

0
Controversial influencer Andrew Tate and his brother Tristan will remain in custody in Romania for a fourth consecutive month, a court has...