26 C
Colombo
Wednesday, February 19, 2025

ආණ්ඩුවට සැලැස්මකුත් නෑ..! – ගොඩහේවා

- Advertisement -

වත්මන් රජයට සැලැස්මක් නොමැති බවත් සැලස්මක් ගැන කතා කිරීමටවත් තමන්ට ඉඩ නොදෙන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය නාලක ගොඩහේවා පවසනවා.

ඔහුගේ මාධ්‍ය ඒකකය නිකුත් කළ නිවේදනය පහතින්,


මාධ්‍ය ඒකකය නිකුත් කළ නිවේදනය…

“ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක කාර්යාලයෙන් උදේ කතාකරල මට කියනවා රටේ වත්මන් ආර්ථික අර්බූදය ගැන කතා කරන්න විනාඩි 3 යි දෙන්න පුලුවන් කියලා. විනාඩි 3 කින් මොනවද කියන්න පුළුවන්. එයාල වරු ගනන් කාලය දෙන අය මොනවද කියන රට හදන සැලැස්ම ?

 ඊයේ අගමැතිතුමා පාර්ලිමේන්තුවේ කල කතාවේ  මම නම් දැක්කේ නෑ සැලැස්මක්. ආණ්ඩුවට නිසි සැලැස්මක් නැති නිසා තමයි අද IMF එකත්  පස්ස ගහන්නේ.

රජය කල යුතු, කල හැකි බොහෝ දේවල් තියෙනවා. උදාහරණයක් වශයෙන් රටේ  ආදායම් හා වියදම් කලමණාකරනයේදී රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීමේ අවශ්‍යතාවය ගැන අගමැතිතුමා හෝ එකම කැබිනට් මන්ඩල සාමාජිකයෙක් විවෘතව කතා කරනවා මෙතෙක් මම අහලා නෑ.  

පාර්ලිමේන්තුවේ COPE කමිටුවේ විමර්ශණයට ලක්වෙන රාජ්‍ය ආයතන 420 ක් පමණ තිබෙනවා. මේ අතරින් මහා භාන්ඩාගාරය අඩුම ගානේ වාර්ෂිකව  අධ්‍යයනයක් වත් කරන්නේ ආයතන 52 ක් ගැන පමනයි. ඔවුන් කියනවා මේ ආයතන 52 ක් උපායමාර්ගිකව වැදගත් කියලා.

ඒ කියන්නේ ඉතුරු 370 ව උපායමාර්ගිකව කිසිම වැදගත් කමක් නෑ රජයට. ඒවා තියෙන නිසා පවත්වාගෙන යනවා. හැබැයි ඒවා නඩත්තු කරන්න වාර්ෂිකව මේ රටේ ජනතා මුදල් වියදම් කරනවා. 

රාජ්‍ය ආයතන වෙනුවෙන් මේ රට විශාල ආයෝජනයන් කොට තිබෙනවා 2021 වන විට ලංකාවේ ප්‍රධානතම රාජය ආයතන 52 පමනක් සතුව තිබෙන සම්පත්වල වටිනාකම රුපියල් ට්‍රිලියන 12.437  එහෙමත් නැත්නම් බිලියන 12,437 ක්. 

කොටින්ම කියනවා නම් රජයේ අවුරුදු 12 ක විතර ආදායමට සමානයි මේ ආයතන 52 පමනක් තියෙන සම්පත්. මේ වගේම තවත් විශාල සම්පත් ප්‍රමාණයක් රජයේ ඉතුරු ආයතනත් ගත්තොත් තියෙනවා. දැන් අහන්න මේ හා විශාල සම්පත් ප්‍රමාණයක් කලමණාකරනය කරලා මේ රාජ්‍ය ආයතන රජයට වසරකට ගෙවන්නේ කීයද කියල.

2021 වසරේ ගෙවලා තියෙන්නේ රුපියල් බිලියන 30 යි. අර කොරෝනා කාලේ අඩු ආදායම් ලාභීන්ට රුපියල් 5000 දෙනකොට එකවරකට මේ බිලියන 30 ඉවර වෙනවා. ඊටත් වඩා වැදගත් කාරනේ තමයි මේ රාජ්‍ය ආයතන සියල්ල එකතු වෙලා රජයට රුපියල් බිලියන 30 ක් දෙන කොට රජය මේ ආයතන  නඩත්තු කරන්න රුපියල් බිලියන 360  භාන්ඩාගාරයෙන් වියදම් කරලා තියෙනවා.

පෞද්ගලික අංශයේ ව්‍යාපාර කරන කොට අපි return on investment ගැන කතා කරනවා. ඒ කියන්නේ ආයෝජනයට සාපේක්ශව ප්‍රතිලාබ. බැංකුවේ සල්ලි දාල අවුරුද්දට 15 ක් ගන්න පුලුවන්නම් ව්‍යාපාරය කරල අඩුගානේ 25% ක වත් ප්‍රතිලාබයක් තියෙන්න ඕනේ නේද. නමුත් මේ රජයේ ව්‍යාපාර වල return on investment කීයද ?  බිලියන 12,000 ට බිලියන 30 කියන්නේ  0.25% ( සීයට දසම 25 යි)

මොන අපරාධයක්ද මේක. මොනවටද මේ ව්‍යාපාර තියන් ඉන්නේ ? මම මුලින් කියපු රාජ්‍ය ආයතන 52 ක් අවුරුද්දකට 12 % ක ප්‍රතිලාබයක් රටට දුන්නා නම් ඒ කියන්නේ වසරකට රුපියල් බිලියන 1,400 ක්. ඒ කියන්නේ රාජ්‍ය ආදායම දෙගුන කරන්න පුළුවන් මේ උපායමාර්ගිකව වැදගත් කියන රාජ්‍ය ආයතන 52 නිසියාකාරව කලමණාකරනය කිරීමෙන් පමනක්.

ඉතුරු ආයතන 370 නම් තියාගෙන ඉදලා කිසිම වැඩක් නෑ ඒවා අනිවාර්‍යයෙන්ම එක්කෝ වහලා දාන්න ඕනේ නැත්නම් ප්‍රතිව්‍යුහගත කරන්න ඕනේ.  

මේ රාජ්‍ය ආයතනවල අති විශාල නාස්ති හා දූෂණයන්ද සිදුවන බව පොදු ව්‍යාපාර පිලිබඳ පාර්ලිමේන්තු කමිටුව හමුවේ නිතර ඔප්පු වෙනවා. මේ නිසා ලාබ ලබන ආයතනවලත් ඒ සම්පත්ම වඩා කාර්‍යක්ෂමව කලමනාකරණය කිරීමෙන් ඊට වඩා ආදායමක් ලබා ගන්නට බැරිද යන ප්‍රශ්ණය ඇසිය යුතුයි. 

පාඩු ලබනා ආයතන වලත් තත්වය එයමයි. මේ බොහෝ ආයතනවල ඇත්තේ කලමණාකාරීත්ව දුර්වල තාවයයි. රාජ්‍ය ආයතන වල 220,000 සේවකයෝ වැඩකරනවා. මේ අයගෙන් උපරිම ඵලදායිතාව ලබා ගන්න ආන්ඩුව වැඩ කරනවද . ඒ  අයට හරි පුහුණුව ලබාදීලා, අතිරික්ත සේවකයන් ඉන්න තැන්වලින් සේවකයන් අඩු තැන් වලට මාරු කරලා, ඉලක්ක ලබා දීලා, නිසි සේවය අගය කරන්නත් බොරු කරන අයට අවස්ථා නොදෙන්නත් පුලුවන් සැලසුම් හදලා මේ ආයතන පාලනය කරන්න ඒ කලමණකාරීත්වයන්ට පුළුවන් වෙන්න ඕනේ. 

ඒ නිසා සියල්ලටම පෙර මේ ආයතනවලට ලාබ ඉපයීම සඳහා පැහැදිලි ඉලක්ක ලබා දී ඒ සඳහා දක්ෂ කලමණාකරුවන් පත් කල යුතුයි. ඉලක්ක සපුරා නොගන්නා ආයතන වසා දමනු ලබන බව කල් තබා දැනුම් දී ප්‍රතිපල පෙන්වීමට ඒවාට නිශ්චිත කාල සීමාවක් ලබා දිය යුතුයි. තව බොහෝ දේවල් තියෙනවා දැන් හරි කරන්න පටන් ගත යුතුයි”


RECENT ARTICLES - SINHALA

නීතිඥ සංගමයේ නව සභාපති පත්කෙරේ

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නව සභාපති ලෙස නීතිඥ රජීව් අමරසූරිය මහතා තේරී පත්ව තිබෙනවා.

ඝාතන සැකකරු ළඟ නීතීඥයෙකු බව හඟවන හැඳුනුම්පතක් තිබිලා

ගණේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකරු සතුව ශ්‍රී ලංකා නීතීඥ  සංගමයේ සාමාජිකයෙකු බව හැඟවෙන ආකාරයේ හැඳුනුම්පතක් තිබී ඇති බව වාර්තා වෙනවා. එම ව්‍යාජ හැඳුනුම්පතට අනුව ඔහු...

මාලදිවයින් විදේශ කටයුතු ඇමති නිල සංචාරයක් සඳහා දිවයිනට

මාලදිවයින් විදේශ කටයුතු අමාත්‍ය අබ්දුල්ලා කලීල් මහතා නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ තිබෙනවා. මාලදිවයින් විදේශ අමාත්‍යවරයා සහ නියෝජිත පිරිස අද පෙරවරුවේ විදේශ කටයුතු අමාත්‍ය විජිත...

POPULAR ARTICLES

නීතිඥ සංගමයේ නව සභාපති පත්කෙරේ

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නව සභාපති ලෙස නීතිඥ රජීව් අමරසූරිය මහතා තේරී පත්ව තිබෙනවා.

ඝාතන සැකකරු ළඟ නීතීඥයෙකු බව හඟවන හැඳුනුම්පතක් තිබිලා

ගණේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකරු සතුව ශ්‍රී ලංකා නීතීඥ  සංගමයේ සාමාජිකයෙකු බව හැඟවෙන ආකාරයේ හැඳුනුම්පතක් තිබී ඇති බව වාර්තා වෙනවා. එම ව්‍යාජ හැඳුනුම්පතට අනුව ඔහු...

මාලදිවයින් විදේශ කටයුතු ඇමති නිල සංචාරයක් සඳහා දිවයිනට

මාලදිවයින් විදේශ කටයුතු අමාත්‍ය අබ්දුල්ලා කලීල් මහතා නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ තිබෙනවා. මාලදිවයින් විදේශ අමාත්‍යවරයා සහ නියෝජිත පිරිස අද පෙරවරුවේ විදේශ කටයුතු අමාත්‍ය විජිත...