30 C
Colombo
Thursday, June 8, 2023

දරුවන්ට අධ්‍යාපනය ලබා දීමට රජයට කිසිදු වැඩපිළිවෙලක් නෑ – ස්ටාලින්

- Advertisement -

ගුරුවරුන් ආරම්භ කර තිබෙන ඔන්ලයින් අධ්‍යාපනය ලබා දීම වර්ජනය කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය තවදුරටත් ක්‍රියාත්මක බව ලංකා ගුරු සේවා සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පවසනවා.

ඔන්ලයින්වලින් ඉවත්වීමේ සටන නතර කරන්නේ සිය ගැටලු විසඳීම සඳහා වන සාධනීය පියවරක් ආණ්ඩුව පාර්ශ්වයෙන් ලැබුණොත් පමණක් බවයි ඔහු පවසන්නේ.

ඔහු මේ බව සඳහන් කළේ නිරෝධයනයෙන් මුදාහැරීමෙන් අනතුරුව වෘත්තීය සමිති,ශිෂ්‍ය සහ සිවිල් ක්‍රියාකාරිකයින් විසින් අද (17) කොළඹදී කැඳවා තිබුණු මාධ්‍ය හමුවේදීයි.

60%කට පමණ දරුවන්ට ඔන්ලයින් අධ්‍යාපනය නොලැබෙන බව පෙන්වා දෙන ඒ මහතා එබැවින් ගුරුවරු තමන්ගේ අතින් වියදම් කරගෙන සිදුකරන ඉගැන්වීම් වල නිසි ප්‍රතිඵලයක් නොලැබෙන බවත් පවසනවා.

දරුවන්ට අධ්‍යාපනය ලබා දීමට රජයට හෝ අධ්‍යාපන අමාත්‍යාංශයට කිසිදු වැඩපිළිවෙලක් නොමැති බවයි ඔහු අවධාරණය කරන්නේ.

මේ අතර, කොතලාවල ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාල පනත් කෙටුම්පතට විරෝධය පළ කරමින් ජාතික ජනබලවේගය අද කොළඹදී විරෝධතාවක් සංවිධානය කර තිබුණි.

කොළඔ කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී එම විරෝධතාවය පැවැත්වුණි.

RECENT ARTICLES - SINHALA

යුරියා පොහොර මිල ගැන කෘෂිකර්ම ඇමති තීරණයක් ගනී

රුපියල් 9000ක මිලකට ගොවීන්ට යුරියා ලබාදීමට කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ...

පුත්තලමේ කපුටන් රැසක් මියගිහින්

පුත්තලම නගරයේ වාන පාර වැව අසල කපුටන් රැසක් ඊයේ (07) උදෑසන සිට මිය යමින් සිටින බව වාර්තා වනවා. පුත්තලම...

ජාතික ජනබලවේගයේ උද්ඝෝෂණය ඇරඹෙයි

ජාතික ජනබලවේගය රාජගිරිය මැතිවරණ කොමිෂන් සභාව ඉදිරිපිට දී සංවිධානය කළ උද්ඝෝෂනය මේ වන විට ආරම්භ වී තිබෙනවා. පළාත් පාලන...

RECENT ARTICLES - ENGLISH

Ajith Prasanna sentenced another six months RI

0
Major (Retired) Ajith Prasanna has been sentenced to six months of rigorous imprisonment by the Court of Appeal. This...

Danushka Gunathilaka to stand trial accused of raping woman in Sydney

0
Cricketer Danushka Gunathilaka will stand trial accused of raping a woman while in Sydney for the T20 World Cup.

Businessman arrested for abducting mother of three and holding her captive for 6 months

0
A businessman, who is believed to have abducted a 29-year-old mother of three children and held her captive, was apprehended by the...