හම්බන්තොට නගරයේ ෆෝමියුලා වන් රේසින් ධාවන පථයක් ඉදිකිරීමේ කටයුතු ආරම්භ කිරීම සඳහා සැලසුම් සකස් කරමින් පවතින බවට සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරනවා.
කිලෝමීටර් 5.6 ක දිගකින් යුත් මෙම ධාවන පථය ඉදිකිරීම සඳහා ස්පාඥ්ඥ හා ජපාන ආයෝජකයින් සමග මේ වන විටත් මූලික වටයේ සාකච්ඡා අරඹා ඇති බවට එම පුවත්පත් වාර්තාවේ සඳහන්.
රජයට අයත් ඉඩමක ඉදිකිරීමට නියමිත මෙම ධාවන පථය ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක වීමට නියමිතයි.
මෙම ව්‍යාපෘතිය හරහා හම්බන්තොට නගරයට දෙස් විදෙස් ෆෝමියුලා වන් තරඟකරුවන් මෙන්ම සංචාරක ආකර්ශනයද දිනාගැනීමේ අවස්ථාව උදාකරගැනීම රජයේ අරමුණයි.
මත්තල ජාත්‍යාන්තර ගුවන්තොටුපල හා හම්බන්තොට වරාය හරහා මෙම තරඟ සදහා පහසුකම් සපයාගැනීමට බලාපොරොත්තු වන අතර හම්බන්තොට වරායෙන් අදාළ මෝටර් කාර් ගොඩබෑමටත් සැලසුම් කර තිබෙනවා.
මේ හරහා ප්‍රදේශයේ ජනතාවටත්, හෝටල් කර්මාන්තයටත් ආර්ථික වාසි අත්වන බවටයි පැවසෙන්නෙ.