වර්තමාන කොවිඩ් තත්ත්වයට අනුව ආණ්ඩුව කොවිඩ් මරණ සංඛ්‍යව සඟවමින් සිටින බව සමස්ත ලංකා හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පවසනවා.
උන්වහන්සේ පවසන්නේ කොවිඩ් අර්බුදයේ සැබෑ තත්ත්වය අනාවරණය කරන සෞඛ්‍ය සේවකයන් හට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් වාරණයක්ද නිකුත් කර ඇති බවයි.
අදාළ වාරණය තමන් වහන්සේ කිසිදු ලෙසකින් අනුමත නොකරන බවත් වර්තමාන රජය බලයට පත්වීමේදී මාධ්‍ය නිදහස ආරක්ෂා කරන බවට ප්‍රතිඥා දුන් බවත් උන්වහන්සේ සිහිපත් කරනවා.
පවත්නා තත්ත්වය අනුව රටේ පවතින තත්ත්වය වසන් කිරිමේ වුවමනාවක් නොමැති බවත්, එවැනි තත්ත්වයක් සදාචාරාත්මක නොවන බවත් මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පවසනවා.