31 C
Colombo
Wednesday, February 12, 2025

වාහන ආනයන ගැසට්ටුවෙන් ආණ්ඩුව අමාරුවේ වැටෙනවා

- Advertisement -

වාහන ආනයනය කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ අත්සනින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනයේ සඳහන් කොන්දේසි මත වාහන ආනයනය කළ නොහැකි තත්ත්වයක් නිර්මාණය වී තිබෙන නිසා රජය අපහසුතාවයට පත් කිරීමේ අරමුණෙන් යම් නිලධාරීන් පිරිසක් හිතාමතා ඒ කොන්දේසි නිර්මාණය කරන්නට ඇතැයි සැක සිතෙන බව ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් ප්‍රසාද් කුලතුංග මහතා පවසනවා.

රජය නිකුත් කර ඇති වාහන ආනයනය පිළිබඳ ගැසට්ටුවේ ඇති වැරැදි හේතුවෙන් වාහන ගෙන්වීම ඇනහිටින තත්ත්වයක් උදා වී ඇති බවටයි ඔහු චෝදනා කරන්නේ.

මෙම ගැසට්ටුවට අනුව, ජපානයෙන් පරීක්ෂණ වාර්තා ලබාදීම එරට සමාගම් 4ක් ප්‍රතික්ෂේප කර ඇති බවද කුලතුංග මහතා පවසනවා.

ඒ අනුව වාහන ගෙන්වීමට නොහැකි වන බවයි ඔහු පවසන්නේ.

ඒ සමගම ගැසට්ටුවේ කොන්දේසිවලට අනුව කාර් ගොඩට වෑන් දැමීම නිසා හයිඒස් ඩීසල් වෑන් රථයක මිල රුපියල් ලක්ෂ 400 දක්වා ඉහළ යන බවද ඒ මහතා පෙන්වාදෙනවා.

එමෙන්ම මෙම වැරදි අඩුපාඩු හේතුවෙන් කිසිදු වාහනයක් මෙරටට ගෙන්වීමට නොහැකි වන බවද ප්‍රසාද් කුලතුංග මහතා වැඩිදුරටත් කියා සිටියා.

RECENT ARTICLES - SINHALA

විදුලි කප්පාදුව ගැන තීරණය හෙට

විදුලි කප්පාදුව හෙට (13) දිනය තුළ සිදුකරන්නේ ද සම්බන්ධයෙන් හෙට උදෑසන ප්‍රකාශයක් සිදුකරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා. නොරොච්චෝලේ බලාගාරය මේ වන විට යථා තත්ත්වයට...

පාසල් ගැටුමට සිසුන් සිව් දෙනෙක් පොලිස් භාරයට

කඩුවෙල ජාතික පාසලක දරුවන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුම සම්බන්ධයෙන් පහර දීමට සම්බන්ධ පාර්ශවයේ දරුවන් සිව් දෙනෙකු පොලිස් භාරයට ගත් බව නවගමුව පොලිසිය පවසනවා. පොලිසිය...

කුවේට් අගමැති හා ජනපති අතර හමුවක්

2025 ලෝක රාජ්‍ය සමුඵව සහභාගී වීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ගොස් සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හා කුවේට් අග්‍රාමාත්‍ය ෂෙයික් අහමඩ් අබ්දුල්ලා...

POPULAR ARTICLES

විදුලි කප්පාදුව ගැන තීරණය හෙට

විදුලි කප්පාදුව හෙට (13) දිනය තුළ සිදුකරන්නේ ද සම්බන්ධයෙන් හෙට උදෑසන ප්‍රකාශයක් සිදුකරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා. නොරොච්චෝලේ බලාගාරය මේ වන විට යථා තත්ත්වයට...

 අසලංකගෙන් ශතකයක්

සිය එක්දින ක්‍රිකට් දිවියේ සිව්වන ශතකය වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක චරිත් අසලංක අද  (12) සමත් වුණා. ඒ මේ වනවිට කොළඹ ආර්. ප්‍රේමදාස...