මේ දක්වා වාර්තා වන සියලුම කොවිඩ් ආසාදිතයන් පෑලියගොඩ පොකුරට සම්බන්ද අය බවට සෞඛ්‍ය අමාත්‍යාංශය දිගින් දිගටම නිවේදනය කළා.
එම නිවේදන මතභේදකාරී වූ අතර එ් සම්බන්දයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයද ප්‍රකාශ කර සිටියේ එම පොකුර පුදුම සහගත බවයි.
කෙසේ වෙතත් අද (29) දිනයේ නව කොවඩ් ආසාදිතයින් 1077 ක් වාර්තා වන අතර ඔවුන් නව පොකුරකට අයත් බව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් මොහාන් සමරනායක මහතාගේ අත්සනින් නිකුත් වූ වාර්තාවේ දැක්වෙනවා.
එය “අලුත් අවුරුදු කොවිඩ් පොකුර” ලෙස නම් කර ඇති අතර එය නම් කර ඇත්තේ කවුරුන්දැයි යන්න පිළිබදව සඳහනක් නැහැ.
