වත්මන් ආණ්ඩුව මැතිවරණය කල් දමන්නේ තම ජයග්‍රහණය සම්බන්ධයෙන් විශ්වාසයක් නොමැති වීම හමුවේ විය හැකි බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.
හිටපු ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ මහනුවරදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
තම රජය සමයේ මැතිවරණ කල් දැමීමට කටයුතු නොකළේ ජයග්‍රහණය ගැන විශ්වාසයක් තිබීම හේතුවෙන් බවයි ඒ මහතා පවසන්නේ.
ඔහු සඳහන් කරන්නේ නියමිත කාලයට මැතිවරණය පැවැත්වීම රජයේ යුතුකම හා වගකීමක් බවයි.
කෙසේ නමුත් මුදල් නොමැති නම් මැතිවරණයක් පැවැත්වීමේ හැකියාවක් නොමැති බවද හිටපු ජනාධිපතිවරයා කියා සිටිනවා.
ඕනෑම මොහොතක මැතිවරණය මුහුණ දීමට තම පක්ෂය සුදානම් බවයි ඔහු ප්‍රකාශ කළේ.
වැඩිදුරටත් අදහස් දක්වමින් හිටපු ජනාධිපතිවරයා කියා සිටියේ මැතිවරණයක් පැවැතියහොත් රජයට ඇති ජනතා කැමැත්ත එමඟින් තේරුම් ගැනීමට හැකි වනු ඇති බවයි.