32 C
Colombo
Friday, January 17, 2025

සතොස හරහා වී මිලදී ගැනීමට රජය සූදානම්

- Advertisement -

මෙවර මාස් කන්නයේ වී අස්වැන්න සතොස හා වී අලෙවි මණ්ඩලය හරහා මිලදී ගැනීමට හා සහල් නිෂ්පාදනය කර බෙදා හැරීම රජයේ අරමුණ බව වෙළෙඳ හා වාණිජ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසනවා.

ඔහු පැවසුවේ වරින්වර රට තුළ සිදුවන සහල් හිඟය අවසන් කිරීමට සහ මිල පාලනය කිරීම සඳහා රජය මැදිහත් වී ගොවියාට සහතික මිලක් ලබා දීමට කටයුතු කරන බවයි.

අනුරාධපුර ඔයා මඩුව ප්‍රදේශයේ ඉදිකර ඇති රජයේ වී ගබඩා පිළිබඳව සොයා ලැබීම සඳහා සිදුකළ නිරීක්ෂණ චාරිකාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව පවසා සිටියා.

අමාත්‍යවරයා එහිදී පැවසුවේ වෙළෙඳපොළ තුළ පවතින බරපතළ විශමතාවයන් ප්‍රයෝජනයට ගනිමින් ඇතැම් සහල් මෝල් හිමියන් අසාමාන්‍ය ලෙස ලාභ ලබමින් සිටින බවත් එම අසාමාන්‍යතා රජය විසින් හඳුනාගෙන ඊට පිළිතුරු සෙවීමට කටයුතු කරන බවත්ය.

රටේ වී නිෂ්පාදනයෙන් සියයට තිහකට ආසන්න ප්‍රමාණයක් මහ මෝල් හිමියන් මිලදී ගන්නා බවත් ඉතිරි නිෂ්පාදන මිලදී ගනු ලබන්නේ සුළු හා මධ්‍යම ප්‍රමාණයේ සහල් මෝල් හිමියන් බවත් පැවසූ අමාත්‍යවරයා වෙළෙඳපොළ තුළ පවතින අසාමාන්‍යතා අවම කිරීම සඳහා රජයද වී මිලදී ගැනීමට කටයුතු කරන බවද සඳහන් කළා.

තවද රටේ පැවැති සහල් හිඟය අවම කිරීම සඳහා පසුගිය 31 වැනි දින වන විට සහල් මෙට්‍රික් ටොන් 86,000ක් මෙරටට ආනයනය කරමින් ගැටළුව විසඳූ බව පැවසු වසන්ත සමරසිංහ මහතා මෙම මස 10 වැනි දිනෙන් පසු සහල් ආනයනය කිරීමේ නිදහස් සීමාව ඉවත් කරන බව වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවා.

RECENT ARTICLES - SINHALA

දුම්රියේ සම්බාහන මැදිරිය ගැන විමර්ශනයක්

දුම්රිය මැදිරියක් තුළ විදෙස් සංචාරකයින් සම්බාහනය කරන ආකාරය දැක්වෙන වීඩියෝවක් මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙනවා. මේ පිළිබඳව අදහස් දක්වමින්, දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර...

චීනයේ සතුටුම නගරයට ගිය අනුර

චීනයේ සිව් දින රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ චීන කොමියුනිස්ට් පක්ෂයේ සිචුවාන් පළාතේ ලේකම් වං ෂියාඕහ්වෙයි (Wang Xiaohui) මහතා අතර...

මාධ්‍යවේදී එක්නැලිගොඩගේ නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය කල්තැබේ

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයන් පිරිසකට එරෙහිව ගොනු කර ඇති නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය පෙබරවාරි...

POPULAR ARTICLES