28.4 C
Colombo
Thursday, April 25, 2024

පාස්කු ප්‍රහාරය ගැන ආණ්ඩුව උදාසීනව ලිස්සලා යනවා – කාදිනල් උතුමාණන් (වීඩියෝ)

- Advertisement -

පාස්කු ප්‍රහාරය සිදුවී වසර දෙකක් ගතවන තුරුම පැවති රජය මෙන්ම වත්මන් රජයද ඊට වගකිව යුත්තන් නීතිය ඉදිරියට ගෙන ඒමට අපොහොසත් වීම කණගාටුවට කරුණක් බවට කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් උතුමාණන් පවසනවා.

“පාස්කු ප්‍රහාරයේ වින්දිතයින් අනුස්මරණය” සඳහා කොළඹ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ පැවති වැඩසටහනකට සහභාගී වෙමින් උන්වහන්සේ මෙම අදහස් පලකළා.

රටේ අනෙකුත් අපරාධ සම්බන්දයෙන් කෙරෙන පරීක්ෂණ දැඩි කාර්යක්ෂමතාවයකින් සිදු කෙරුණද පාස්කු ප්‍රහාරය සම්බන්දයෙන් එවැනි පරීක්ෂණ සිදු නොකර උදාසිනව, ලිස්සා යන සුළු ආකාරයෙන් ආණ්ඩුව කටයුතු කරමින් සිටින බවද උන්වහන්සේ පවසා සිටියා.

එමෙන්ම පාස්කු ප්‍රහාරයට යුක්තිය ඉටුකර ගැනීමට මුස්ලිම් ජාතිකයන් දක්වන උදාසීනත්වය පිළිබදවද කාදිනල් උතුමාණන් මෙහිදී විවේචනය කළා.

උන් වහන්සේ සඳහන් කළේ කොවිඩ් සමයේ මුස්ලිම් ජාතිකයන්ගේ අයිතිවාසිකම් කඩවීමේදී ඒ වෙනුවෙන් හඩ නැගීමට දැක්වූ උනන්දුව පාස්කු ප්‍රහාරය සම්බන්දයෙන් වන යුක්තිය ක්‍රියාත්මක කර ගැනීමට ඔවුන් නොදැක්වූ බවයි.

ඊට අදාළ දර්ශන පහතින්,

RECENT ARTICLES - SINHALA

හොර ඒජන්සිවලට වැඩවරදියි

විදේශ රැකියා ලබාදෙන බව පවසමින් නීති විරෝධී ලෙස මුදල් එක් කරන පුද්ගලයින් තරාතිරම නොබලා අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන ලෙස කම්කරු සහ විදේශ රැකියා...

ඉරාන සහ ලංකාව අතර ගිවිසුම් 05ක්

ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුම් (MoUs) පහකට අත්සන් තබා තිබෙනවා. මෙම අවබෝධතා ගිවිසුම් මගින් දෙරට අතර චිත්‍රපට කර්මාන්තය,...

රිලා ගහනය අඩු කරන්න පේරෙන් ලුපයක්

රිළා ගහනය අවම කිරීමේ පර්යේෂණ ප්‍රතිඵලයක් ලෙස රිළවියක ගේ ගර්භාෂයේ ලූපයක් තැන්පත් කිරීම අද (24) පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ දී සාර්ථකව සිදු කරනු...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

අද ඩොලරය

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306.45 ක් ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 297 ක් ලෙසයි. එමෙන්ම,...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...