ඩීසල් සහ භූමි තෙල් මිල වැඩි කරමින් සිටින රජය දින 54ක් තිස්සේ බොරතෙල් නැවකට ඩොලර් නොගෙවා මුහුදේ රඳවාගෙන සිටින බව සමගි ජනබලවේග ඒකාබද්ධ වෘත්තීය සමිති බලවේගයේ ආනන්ද පාලිත පවසනවා.
මේ වනවිට එම නෞකාවට ප්‍රමාද ගාස්තු වශයෙන් ඩොලර් මිලියන 8.1ක් මුදලක් මේ වනවිට ගෙවන්නට සිදුව ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ
ඩොලර් වෙනුවට රුපියල්වලින් ගෙවීම් කිරීමට කැමති සමාගමකින් මෙම බොරතෙල් ගෙන්වූ බවට ඇමතිවරයා ප්‍රමුඛ බලධාරීන් කලින් සඳහන් කළද මෙය ඩොලර් ගෙවන තෙක් රඳවාගෙන සිටින්නේ කාට හෝ අතිරේක වාසි ලැබෙන ජාවාරමක් හේතුවෙන්දැයි ඔහු ප්‍රශ්න කරනවා.
ඔහුට අනුව මෙම බොරතෙල් තොගය සඳහා ගෙවීමට අත මුදල ඇමෙරිකානු ඩොලර් 80කි. එම මුදල නොගෙවීම හේතුවෙන් දින 54ක් තිස්සේ මහ මුහුදේ රැඳී සිටින මෙම බොර තෙල් ප්‍රවාහන නෞකාවකට ප්‍රමාද වනවිට එක් දිනක් සඳහා ඇමෙරිකානු ඩොලර් එක් ලක්ෂ පනස් දහසක් ගෙවිය යුතුය. බොර තෙල් තොගය කොරල් එනර්ජි සමාගමෙන් ගෙන්වා ඇති අතර මෙම සමාගමෙන් තෙල් ඇණවුම් කිරීමට හේතුව ඔවුන්ට ඩොලර්වලින් නොව රුපියල්වලින් ගෙවීම්වලින් ද ගෙවීමේ හැකියාව පවතින බව කලින් පෙනවා දුන්නද එය එසේ සිදු නොවී මෙලෙස ප්‍රමාද ගාස්තු ගෙවමින් කල් මැරීම තුළ ගනුදෙනුවේ සැකසු බවක් පවතින බවත් ඔහු පවසනවා.
“ රජය ඊයේ ඩිසල් සහ භූමි තෙල් මිල වැඩි කළා. භූමිතෙල් අඩු වියදමින් නිපදවා ගන්න තිබෙන එකම සහ හොඳම ක්‍රමය සපුගස්කන්ද පිරිපහදුව . එය මේ වනවිට වහල දාල. සේවකයන්ට වැටුප් අතිකාල කෝටි ගණන් ගෙවමින් සිටිනවා. ඒ අතරේ එය ක්‍රියාත්මක කිරීමට තිබෙන බොර තෙල් නැව මුහුදේ දවස් 54ක් බලාගෙන සිටිනවා. මේ දේවල් කරන්නේ නොදැනුවත්කමකින් කියල විශ්වාස කරන්න අමාරුයි. මීට කලිනුත් මෙවැනි අවස්ථා සිදු වුණා. එයින් වෙන්නේ නිරපරාදේ මුදල් අනවශ්‍ය දේවල්වලට වැය වීමයි. මේ පසුපස තිබෙන්නේ ජාවාරම්.” යැයි ඔහු චෝදනා කර සිටිනවා.