26.4 C
Colombo
Thursday, March 28, 2024

කාබනික පොහොරවල චීන බැක්ටීරියා ගැන විවාදයක් දෙන්න ආණ්ඩුව බැහැ කියයි

- Advertisement -

චීනයෙන් ආනයනය කරන ලද කාබනික පොහොර සාම්පලවල හානිකර බැක්ටීරියා හමුවීමේ සිදුවීම පිළිබදව මේ සතියේ රැස්වෙන පාර්ලිමේන්තු සභාවාරයේ විවාදයක් ලබා නොදිය හැකි බව ආණ්ඩුපක්ෂය පවසා තිබෙනවා.

ඊයේ (30) රැස්වූ පක්ෂ නායක රැස්වීමේදී විපක්ෂය කළ මෙම ඉල්ලීම ආණ්ඩුපක්ෂය විසින් ප්‍රතික්ෂේප කළ බව විපක්ෂයේ සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසනවා.

මෙම සතියේ ඒ සඳහා විවාදයක් ලබාදිය නොහැකි බවත් අවශ්‍ය නම් ඊළඟ පාර්ලිමේන්තු සතියේ දිනක් ඒ පිළිබද විවාදයකට ලබාදිය හැකි බවත් සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා පැවසූ බව ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සදහන් කළා.

කිරිඇල්ල මහතා පවසන්නේ ඩඩ්ලි සිරිසේන මහතාගේ සහල් ගැටළුව පිළිබදව සාකච්ඡා කළ අවස්ථාවේදී අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අපූරු කතාවක් කී බවයි.

එනම් “එදා බත් දුන්නේ ඩඩ්ලි සේනානායක, ඒත් අද බත් දෙන පියා ඩඩ්ලි සිරිසේන” බව අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පක්ෂනායක රැස්වීමේදී පැවසූ බවයි.

RECENT ARTICLES - SINHALA

අද අපි සිංහල අවුරුද්ද සමරන්නේ ජනපති නිසා – වජිර

පසුගිය වසර තුනක කාලයක් අලුත් අවුරුද්ද සැමරීමට ජනතාවට අවස්ථාව හිමි නොවු බව පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසනවා. නමුත් රටේ සියලු ජනතාවට මෙවර අලුත් අවුරුද්ද...

මහරගම බෝ ගසේ අත්තක් කඩා වැටී දෙදෙනෙකුට තුවාල

මහරගම නගරයේ පිහිටි බෝ ගසක අත්තක් කඩා වැටී තිබෙනවා. මෙයින් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා තිබෙන බව පොලිසිය පවසනවා. මේ හේතුවෙන් හයිලෙවල් මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් පවතින...

බාෂික් ව අත්අඩංගුවට ගැනීමට එරෙහි අතුරු තහනම් නියෝගය දීර්ඝ කෙරේ

පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශය විසින් නදිම් බාෂික් නමැත්තකු අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් නිකුත්කර තිබෙන අතුරු තහනම් නියෝගය අප්‍රේල් 29 වනදා දක්වා තවදුරටත් දීර්ඝ කරන ලෙස අභියාචනාධිකරණය...

POPULAR ARTICLES

කංචන පොහොට්ටු රැස්විමේ යකා නටලා

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ විධායක සභා රැස්වීමේදී අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදේශකයෙකු වූ එරන්ද ගිනිගේ මහතා අතර...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (26) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.63ක් ලෙස...

අරක්කු මිල පහළට?

එළඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර සුරා බද්ද අඩු කළහොත් ගල් අරක්කු බෝතලයක මිල අඩු කළ හැකි බව නිෂ්පාදන සමාගම් සුරාබදු දෙපාර්තමේන්තුවට දැනුම්...