උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් මහතා එම තනතුරෙන් ඉල්ලා අස්වී තිබෙනවා.
මීට පෙර දකුණු පළාත් ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේවර්ධන සහ සබරගමු පළාත් ආණ්ඩුකාර නවීන් දිසානායක ද එම ධූරවලින් ඉල්ලා අස්වුණා.
ශ්රී ලංකාවේ නවවන විධායක ජනාධිපති ලෙස ජාතික ජනබලවේගයේ අනුර කුමාර දිසානායක මහතා තේරී පත් වීමත් සමඟ ඔවුන් මෙලෙස ඉල්ලා අස් වීමට තීරණය කර තිබෙනවා.