26 C
Colombo
Saturday, October 12, 2024

බස්නාහිර පළාත් ආණ්ඩුකාරයත් ඉල්ලා අස්වෙලා

- Advertisement -

බස්නාහිර පළාත් ආණ්ඩුකාර ධුරයෙන් රොෂාන් ගුණතිලක මහතා ඉල්ලා අස්වී තිබෙනවා.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ලිපියක් යොමුකරමින් ඒ මහතා ඉල්ලා අස්වෙන බව දැනුම්දී තිබුණා.

2020.03.25 වන දින සිට බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා වශයෙන් තමා වෙත පැවරී තිබූ බලතල අනුව බස්නාහිර පළාතේ හා බස්නාහිර පළාත් රාජ්‍ය සේවයේ උන්නතිය උදෙසා මෙන්ම බස්නාහිර ජනතාවගේ යහපත වෙනුවෙන් උපරිම ශක්තියෙන් කටයුතු කළ බව ද ඒ මහතා අදාළ ලිපියේ වැඩිදුරටත් දක්වා තිබුණා.

රොෂාන් ගුණතිලක මහතා අදාළ ලිපියේ වැඩිදුරටත් සඳහන් කර ඇත්තඉ, 2020 හා 2021 යන වසරවල පැවති කොවිඩ් වසංගතය හමුවේ සහ පසුගිය වසර කිහිපය තුළ පැවති අර්බුදකාරී තත්ත්වයන් තුළ ජනතාවගේ ආරක්ෂාව හා සෞඛ්‍ය තත්ත්වය නඟසිටුවීම උදෙසා බස්නාහිර පළාත් රාජ්‍ය සේවයට නායකත්වය දෙමින් කටයුතු කිරීමට හැකිවීම තමා ලද භාග්‍යයක් බවයි.

RECENT ARTICLES - SINHALA

දුම්රියේ ගැටුණු දරුවෙක් සහ තවත් දෙදෙනෙක් ජීවිතක්ෂයට

මාතර සිට කොළඹ දක්වා ධාවනය වූ දුම්රියක ගැටී පුද්ගලයින් තිදෙනෙකු ජීවිත්කෂයට පත්වී තිබෙනවා. අද (12) සවස කටුකුරුන්ද දුම්රිය ස්ථානයේදී මෙම අනතුර සිදුව තිබුණා. එහිදි  මෙම පුද්ගලයින්...

Breaking: CID ලොක්කෙක්ට හදිසියේ ස්ථාන මාරුවක්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මිනීමැරුම් විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඉන්දුක සිල්වා වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් මූලස්ථානයට ස්ථාන මාරු කර තිබෙනවා. මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන ඇතුළු...

Breaking: අපරාධ සිදුවීම් රැසක් ගැන පොලිස් විමර්ශන කඩිනම් කිරීමට උපදෙස්

අපරාධ සිදුවීම් රැසක් සම්බන්ධයෙන් පොලිස් විමර්ශන කඩිනම් කිරීමට මහජන ආරක්ෂක අමාත්‍යංශය විශේෂ නියෝගයක් ලබා දී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව මහතා පවසනවා. මහ...

POPULAR ARTICLES

ජොන්ස්ටන්ගේ BMW සෙල්ලම ගැන තවත් තොරතුරු එළියට

ලියාපදිංචි නොකළ BMW කාර් රථයක් භාවිතා කළ බවට සිදු කරන විමර්ශනකට අදාළව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දුට විදේශ ගමන් තහනමක් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින්...

අනුර අතඇරලා ගිය කමල්

ප්‍රවීණ රංගන ශිල්පී කමල් අද්දරආරච්චි මහතා මෙවර මහමැතිවරණයට දෙවන පරපුර පක්ෂය යටතේ තරග කිරීමට නියමිතයි. දෙවන පරපුර පක්ෂය අද (09) තලවතුගොඩ ප්‍රදේශයේ සංවිධානය කර තිබූ...

ගම්පහ ප්‍රදේශ කිහිපයක ගංවතුර අවදානමක්

අත්තනගලු ඔය ද්‍රෝණියේ ධාරා ප්‍රදේශවලට පසුගිය පැය කිහිපය තුළ සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබී ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනයක් යොමුකරමින් දන්වා සිටිනවා. එම නිවේදනය අනුව අත්තනගලු...